සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට 22 හැවිරිදි පැට්‍රික් ඔරන් ස්ටීවන්සන් පසුගිය මාර්තු මස මිනිමැරුම් චෝදනා එල්ල වුණා.

සැකකරු පසුගිය ඔක්තෝබර් 1 වනදා යතුරුපැදි අනතුරක් සිදු කර පලා යෑම, බීමත්ව රිය ධාවනය සහ මත්ද්‍රව්‍ය භාවිත කිරීම යන චෝදනාවන්ට වැරදි කරු වී ඇති බවයි වික්ටෝරියානු පොලීසිය සඳහන් කළේ.

නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් සැකකරුට අවස්ථා කිහිපයක දීම චෝදනා එල්ල වී ඇති බව සඳහන්.

සමන්තා මර්ෆිගේ අතුරුදන්වී ඝාතනයක් බවට පොලීසිය සැකකරන අතර ඇය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට කිසිදු අංශයක් සමත්ව නැහැ.

හිටපු ක්‍රීඩකයෙකුගේ පුතෙක් වන අදාළ සැකකරු තවමත් පොලිස් අත්අඩංගුවේ පසුවන අතර ඝාතන චෝදනාවට අමතරව තවත් රථවාහන වැරදි චෝදනායන්ට ද යටත්වීමට සිදුවන බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ වික්ටෝරියානු පොලීසිය විසින් සිදුකරනු ලබනවා.

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »