
ඔස්ට්‍රේලියාවේ ධනවත්ම පුද්ගලයින් එක් පැයකට ඩොලර් මිලියන 1.5ක් මුදලක් උපයන බව නවතම වාර්තා මගින් හෙළිව තිබෙනවා.
ඒ අනුව ඔක්ස්ෆෑම් වාර්තා පෙන්වා දෙන්නේ පසුගිය වසර දෙකක කාලසීමාව තුළ ඔස්ට්‍රේලියාවේ ධනවත්ම ප්‍රකෝටිපතියන් 47 දෙනාගේ ආදායම ඩොලර් මිලියන 255 දක්වා දෙගුණ වි ඇති බවයි.
ජීවන වියදම හමුවේ පීඩා විදින ඔස්ට්‍රේලියානුවන්ගේ සංඛ්‍යාව වැඩිවීමත් සමග මෙලෙස ධනවත් පුද්ගලයින්ගේ වත්කම් වාර්තා අභිබවා යෑම විශ්මය ඩනක බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

ජනගහනය මිලියන 7.7ක් පමණ වන ඔස්ට්‍රේලියානුවන්ගේ ධනය මෙම ධනවතුන් 47 දෙනා සතු බවයි වාර්තා වන්නේ.
Oxfam හි වැඩසටහන් අධ්‍යක්ෂ රොඩ් ගුඩ්බන් (Rod Goodbun )පෙන්වා දෙන්නේ 2020 වසරේ සිට ධනවත්ම ඔස්ට්‍රේලියානුවන් තිදෙනාගේ ධනය පැයකට ඩොලර් මිලියන 1.5 ක් බවයි.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ ධනවත්ම පුද්ගලයින් තිදෙනා ලෙස පතල් ක්ෂ්‍රේත්‍රයේ පුරෝගාමින් වන (Gina Rinehart), (Andrew Foreest) යන දෙදෙනා සහ දේපල වෙළදාමෙහි නිරත Harry Triguboff නම් කර තිබෙනවා.