Search

මෙල්බන් කුලී නිවාස මිල ගණන් අභිබවා සිඩ්නි මිල ඉහළට

ඔස්ට්‍රේලියානු අගනගර ආශ්‍රිත කුලී නිවාස මිල ගණන් වසරින් වසර සියයට 13කින් ඉහළ ගොස් ඇති බව නවතම අධ්‍යයනයකින් හඳුනාගෙන තිබෙනවා.

සිඩ්නි, මෙල්බන් සහ බ්‍රිස්බේන් ඇතුලු ප්‍රධාන අගනගරයන් ඒ අතුරින් ප්‍රමුඛ වන අතර මිළ අගය පිළිවෙලින් සියයට 17.2, සියයට 15.6 සහ සියයට 16.7 දක්වා ඉහළ ගොස් තිබුණා.

පර්ත් අගනුවර පසුගිය වසර තුළ වේගවත්ම කුලී වර්ධනයක් පෙන්නුම් කළ අතර එම අගය සියයට 20ක්. 

ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ඇන්ගස් මුවර් පවසන්නේ 2024 වසර තුළ ද තවදුරටත් කුලී නිවාස මිල අගය ඉහළයෑමක් අපේක්ෂා කළ ද සීඝ්‍ර ඉහළ යෑමක් සිදු නොවන බවයි.

PropTrack දත්ත අනුව පෙනී යන්නේ පසුගිය වසර පුරා සමස්ථ කුලී නිවාස මිල ගණන් සියයට 11.5 කින් ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය දෙසැම්බර් මස වන විට සතියක් තුළ නිවාස මිල ගණන් අගය ඩොලර් 580කින් ඉහළ ගොස් තිබුණා.

සෑම වසරකම කුලී නිවාස අගය අසාමාන්‍ය ලෙස ඉහළ අගයක් ගැනීම ජනතාවට අවමත වැය බරක් බැවින් තිරසර විසඳුමක් ලබා දීමට රජය මැදිහත් විය යුතු බව විචාරකයින් පෙන්වා දෙනවා.

ඔස්ට්‍රේලියාව තුළ නීති විරෝධීව සිටින්නන්ගේ වැඩිවීමක් ලාංකිකයන් 28 දෙනෙකුත් රැදවුම් භාරයේ

ඔස්ට්‍රේලියාව තුළ නීති විරෝධීව රැදී සිටින පුද්ගලයන්ගේ වර්ධනයක් මෙම වසරේදී පෙන්නුම් කරන බවට ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් සදහන් කර තිබෙනවා.

Read More »

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »