
වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ සමාජයෙන් හමුවූ කොවිඩ් ආසාධිතයන් 05 දෙනා අතුරින් දෙදෙනෙකු මීට පෙර වාර්තාවු ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් නොවන බව තහවුරු වී තිබේ.
ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී බ්‍රෙට් සට්න් පැවසුවේ මෙම ආසාධිතයන් Craigieburn (Central) Shopping Centre සහ Epping Plaza Shopping Centre සහ හිද ගමන් කර ඇති බවයි.
මේ අනුව Craigieburn (Central) Shopping Centre ස්ථානය ආශ්‍රිතව හඳුනාගත් කොවිඩ් ආසාධිතයන් ගණන 07 දක්වා ඉහළ යනවා.

එබැවින් මෙම ස්ථාන ආශ්‍රිතව තවත් ආසාධිතයන් සිටිය හැකි බැවින් සැක කටයුතු කිසිවෙකු වෙතොත් වහා පරීක්ෂණයකට ඉදිරිපත් වන ලෙසටද ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී බ්‍රෙට් සට්න් දන්වා සිටිනවා.
අද හඳුනාගත් ආසාධිතයන් දෙදෙනාගේ ආශ්‍රිතයන් සොයා ගැනීම ඉදිරි දින 02 තුළ වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පැවරී ඇති ප්‍රධානම වගකීම බවද ඔහු සඳහන් කලා.

Pic Credit: Craigieburn Central/Facebook