මෙල්බර්න් ගුවන් ගමන් රැසක් අවලංගුයි – මගීන් විශාල පිරිසකට දැඩි අපහසුතා

COVID තත්වය හමුවේ වික්ටෝරියා ප්‍රාන්තය දින 07 කට Lockdown කිරීමත් සමග මෙල්බර්න් බලා පිටත්ව යන සහ එහි සිට පැමිණිමට නියමිතවූ ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇත.

ක්වන්ටාස් සහ වර්ජින් සමාගම්වල ගුවන් ගමන් ඊට අයත්.

“මෙල්බර්න් හි වර්ධනය වෙමින් පවතින COVID තත්වයක් හේතුවෙන් වර්ජින් ඕස්ට්‍රේලියා අද මෙල්බර්න් බලා සහ ඉන් පිටත සේවාවන් 10 කට වැඩි ප්‍රමාණයක් අවලංගු කරන බව ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙම ක්ෂණික තීරණ සමග ගුවන් මගීන් විශාල පිරිසකට දැඩි අපහසුතා එල්ලවී ඇති බවයි සෑම ගුවන් තොටුපළකින්ම වාර්තා වන්නේ.

අද මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ වීමට නියමිත දින හතක Lockdown කිරීම ජුනි 3 වන දින රාත්‍රී 11.59 න් අවසන් වීමට නියමිතය.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »