
Lockdown කිරීමත් සමග වික්ටෝරියා ප්‍රාන්තයට අමතර එන්නත් 130,000 ක්
වික්ටෝරියා ප්‍රාන්තයට අමතර එන්නත් 130,000 ක් පිටත් කර හැරීමට ඔස්ටේ්‍රලියා මධ්‍යම රජය තීරණය කර තිබේ. ඉන් පළමු කොටස ලෙස මාත්‍රා 20,000 ක් අද දිනයේදී පිටත් කර හැරි බවයි සෞඛ්‍ය ඇමති ග්‍රෙග් හන්ට් පැවසුවේ. වික්ටෝරියා ප්‍රාන්තය තුළින් දින 03 ක් ඇතුළත ආසාධිතයන් 26 දෙනෙකු හමුවීමත් සමගයි මෙම ක්ෂණික තීරණය ගෙන ඇත්තේ. මේ අතර ලබන ජූනි 03 වනදා දක්වා දින 07 ක Lockdown කිරීමකට යාමට ප්‍රාන්ත රජය ගත් තීරණයට තමන්ද එකග බව අගමැති ස්කොට් මොරිසන් පැවසීය.