වික්ටෝරියා Lockdown කිරීමත් සමග අසල්වැසි ප්‍රාන්ත පැණවූ නව සීමා මෙන්න – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා Lockdown කිරීමත් සමග අසල්වැසි ප්‍රාන්ත පැණවූ නව සීමා මෙන්න

වික්ටෝරියා Lockdown කිරීමත් සමග අසල්වැසි ප්‍රාන්ත පැණවූ නව සීමා මෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයට දින 07 ක සංචරණ සීමා පැණවීමත් සමග අසල ප්‍රාන්ත කිහිපයක් ප්‍රාන්ත සීමා දැඩි කර තිබේ.

ඒ අනුව අද සවස 04 සිට වික්ටෝරියා සිට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට පැමිණෙන ඕනෑම අයෙකු දින 07 ක් සිය නිවසේදී නිරෝධායනය විය යුතු වනවා.

එමෙන්ම අත්‍යවශ්‍ය නොවන කිසිදු කටයුත්තක් සඳහා වික්ටෝරියා වෙත ගමන් නොකරන ලෙස NSW බළධාරීන් දන්වා ඇත.

ACT ප්‍රාන්තයද දන්වා ඇත්තේ වික්ටෝරියා සිට පැමිණෙන ඕනෑම අයෙකු දින 07 ක් සිය නිවසේදී නිරෝධායනය විය යුතු බවයි.

වික්ටෝරියා සිට බටහිර ඔස්ටේ්‍රලියා සහ ටස්මේනියා ප්‍රාන්ත වෙත කිසියම් අයෙකුට පැමිණිය හැකි වනුයේ අත්‍යවශ්‍යම කාරණයක් සඳහා පමණි.

අද රාත්‍රී 12 සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රියාත්මක නව සීමා සියල්ල මෙතැනින් කියවන්න