වික්ටෝරියා Lockdown නව සීමා : ආපනශාලා Take away පමණයි – විවාහ මංගල්‍යන්ට අවසර නෑ

MELBOURNE

කොරෝනා වයිරසය තවදුරටත් වික්ටෝරියා ප්‍රාන්තය පුරා පැතිරීම වහාම වැළක්වීමේ අරමුණින් අද රාත්‍රී 12 සිට සමස්ත වික්ටෝරියා ප්‍රාන්තයම දින 07 ක Lockdown කිරීමකට යටත් වන බව වැඩ බලන ප්‍රාන්ත අගමැති James Merlino නිවේදනය කලා.

අද මධ්‍යම රාත්‍රියේ සිට දින 07 ක සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ ගෘහස්ථා හෝ බාහිර ඕනෑම කටයුත්තකදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය වනවා.

එමෙන්ම පහත කාර්යයන් 05 සඳහා පමණක් නිවසින් පිටතට යා හැකියි.

අත්‍යවශ්‍ය භාණ්ඩ හෝ සේවා ලබා ගැනීම

රැකියා හෝ අධ්‍යාපන කටයුතු (නිවසේ සිට කල නොහැකි නම් පමණක්)

COVID එන්නත ලබා ගැනීම

වැඩිහිටි රැකවරණ කටයුතු

දිනකට උපරිම පැය 02 ක ශරීර සුවතා

lockdown කාලය තුළ පැනවෙන නීති හා සීමාවන්

  • නිවසින් බැහැරව යන ඕනෑම අවස්ථාවක මුව ආවරණ පැළඳීම අනිවාර්ය වේ.
  • පාසල් වසා දැමේ, නමුත් අත්‍යවශ්‍ය සේවකයින්ගේ දරුවන් සඳහා පාසල් විවෘතව පවතී.
  • childcare මධ්‍යස්ථාන විවෘතව පවතී.
  • සුපිරි වෙළෙඳසැල්, බැංකු, ඖෂධාගර වැනි අත්‍යවශ්‍ය සේවා විවෘතව පවතී.
  • අවන්හල්, ආපන ශාලා take-away සේවාවන් සඳහා පමණක් විවෘත කළ හැකිය.
  • පුද්ගලික හෝ පොදු කටයුතු සඳහා ජනයා ඒක රාශි වීම් තහනම් වේ.
  • භාණ්ඩ මිලට ගැනීමේදී සහ ව්‍යායාම් කිරීමේදී තම නිවසේ සිට කිලෝ මීටර් 5 ක දුර ඉක්මවා යා නොහැක.
  • සමීපතම හවුල්කරුවන් හැර වෙනත් අමුත්තන්ට නිවසට පැමිණීමට අවසර නැත.
  • විවාහ වන පුද්ගලයෙකුගේ සමීපතමයකු මරණාසන්නව සිටියි නම් හෝ විවාහ වන පුද්ගලයාව පිටුවහල් කිරීමකට ලක් කර ඇති මොහොතක වැනි අතිශය මානුෂීය සහ දුක්ඛිත තත්වයන් යටතේ හැර අනෙක් සියලු තත්ත්වයන් යටතේ සංවිධානය කරන විවාහ උත්සව තහනම්ය.
  • උපරිම පුද්ගලයින් 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අවමංගල උත්සව පැවැත්විය හැකිය.
  • උපරිම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු සමඟ සජීවීව විකාශය නොකරයි නම් ආගමික සේවාවන් ද තහනම් වේ.
  • සීමිත හේතුන් මත හැර Aged care මධ්‍යස්ථාන වලට අමුත්තන් පැමිණීම තහනම්ය.
  • පහත සඳහන් පාර්ශව වලට හැර අනෙක් පුද්ගලයින්ට රෝහල්වල රෝගීන් බැලීමට යාම තහනම්ය.
  1. මරණාසන්නව සිටින පුද්ගලයෙකුව බැලීමට අදාළ පුද්ගලයාගේ සමීපතමයින්ට
  2. දරු උපතකදී අදාළ කාන්තාවගේ සහයකයාට
  3. දරුවෙකුව රෝහල් ගත කිරීමේදී දරුවාගේ දෙමාපියන්ට
  • සියලුම විනෝදාස්වාද සපයන ස්ථාන වසා දැමේ.
  • සියලුම කොණ්ඩා මෝස්තර සැකසුම් ස්ථාන, පුද්ගලික සේවා සහ රූපලාවණ්‍ය සේවා වසා දැමිය යුතුය.
  • පිහිනුම් තටාක සහ කය වර්ධන මධ්‍යස්ථාන වසා දැමේ.
  • ප්‍රේක්ෂකයන් නොමැතිව අනුමත වෘත්තීය ක්‍රීඩා ඉසව් ඉදිරියට පවත්වා ගෙන යා හැකිය.
  • නිවාස වෙන්දේසි Online මාර්ගයෙන් සිදුකළ යුතුය.

බ්‍රහස්පතින්දා (27) රාත්‍රී 11.59 සිට රාජ්‍ය හා පෞද්ගලික රැස්වීම්වලට තවදුරටත් අවසර නැත.

ජුනි 3 වන දින රාත්‍රී 11.59 දක්වා Lockdown ක්‍රියාත්මක වන නමුත් වැඩ බලන ප්‍රාන්ත අගමැති James Merlino පැවසුවේ මීට පෙර ඉවත් කළ හැකි බවට අපේක්ෂා කෙරෙන බවයි.

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »