School camp ගිහින් වික්ටෝරියා හි පිහිණුම් තටාකයක ගිලී 08 හැවිරිදි දරුවෙකු මරුට

සිය පුත්‍රයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස වික්ටෝරියා ප්‍රාන්තයේ දෙමාපිය යුවළක් බළධාරීන්ගෙන් ඉල්ලා සිටී.

Port Fairy හි පිහිටා ඇති Belfast Aquatics පිහිණුම් තටාකයේදී Cooper Onyett මරණයට පත්වූයේ පසුගිය සිකුරාදා රාත්‍රියේදීයි.

school camp ගිය සිය 08 හැවිරිදි පුතුට සිදුවූයේ කුමක්දැයි ඔහුගේ මව තවමත් පිළිතුරු අපේක්ෂාවෙන් සිටී.

Cooper ගේ මරණයෙන් පසු ඇතිකල GoFundMe අරමුදලකට මේ වනවිට ඩොලර් 90 000 කට වඩා ආධාර ලැබී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළ කරමින් Belfast Aquatics කළමණාකාරීත්වය මෙසේ සටහනක් තබා තිබිණ.

“කළමනාකරණ කමිටුව වෙනුවෙන්, සිකුරාදා අපගේ තටාකයේ පිහිනමින් සිටියදී ඛේදජනක ලෙස ජීවිත අහිමි වූ පිරිමි ළමයාගේ පවුලේ අයට සහ මිතුරන්ට අපගේ ශෝකය ප්‍රකාශ කරමු.

මෙය සෑම කෙනෙකුටම ඉතා අසීරු කාලයක් වන අතර මෙම ඛේදජනක අනතුර සිදුවන අවස්ථාවේ එහි සිටි කාර්ය මණ්ඩලය සහ මහජනතාව සඳහා උපදේශන සැසි අද පැවැත්වේ.”

ඉන්දියාව සහ එංගලන්තයත් T20 සංචිත ප්‍රකාශයට පත්කරයි

ලබන ජූනි මස 01 වනදා ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකිකයෙකුට පහර දුන් බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරියෙකුට දඬුවම්

අපරාධකරුවෙකු ලෙස වරදවා වටහාගෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකුට පහර දුන් එක්සත් රාජධානියේ මෙට්‍රොපොලිටන් පොලිස් නිලධාරියෙකුට දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන්න ඩොලර් මිලියන 925ක්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ප්‍රචණ්ඩත්වය අත්හැරීමේ වැඩසටහන ස්ථාපිත කිරීම සඳහා ෆෙඩරල් රජය ඩොලර් මිලියන 925ක් යෙදවීමට අනුමැතිය හිමිව තිබෙනවා.

Read More »

කාන්තා හිංසන ගැන කතා කරන විශේෂ කැබිනට් රැස්වීම අද

ඔස්ට්‍රේලියාවේ දැඩි කතා බහකට ලක්වී ඇති කාන්තා හිංසන සිදුවීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අද රැස්වීමට නියමිතව තිබෙනවා.

Read More »