ඔස්ට්‍රේලියාවේ නිවාස රක්ෂණයේ ගැටලුකාරී තත්වයක්

ඔස්ට්‍රේලියාවේ අවදානම් සහිත කලාපයන්හි නිවාස සදහා රක්ෂණ මුදල් ලබා දිමේ ගැටලුකාරී තත්වයක් මතුව තිබෙනවා.

ඔස්ට්‍රේලියාවට පමණක් නොව කැලිෆෝනියාව සහ ෆ්ලොරිඩාව යන රටවලද නිවාස රක්ෂණ ක්ෂේත්‍ර රැසක් කඩා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

බොහෝ විට අවදානම් සහිත ප්‍රදේශවල ජීවත් වන ජනගහණය වැඩි වීමත් සමඟ දේශගුණික හා ස්වාභාවික විපත්වලට රක්ෂණ මුදල් ලබා දීම ගෝලීය රක්ෂණ කර්මාන්තයට තර්ජනයක් වී ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ පසුගිය වසර කිහිපය තුළ ලැව්ගිනි සහ ගංවතුර ආපදා රක්ෂණ වාරික තවදුරටත් ඉහළ ගොස් ඇති අතර නවතම සංඛ්‍යාලේඛනවලට අනුව සියයට 16.4 කින් නිවාස රක්ෂණ අගය ඉහළ ගොස් තිබෙනවා.

රක්ෂණ ක්‍ෂේත්‍රය ඉදිරියට ගෙනයා යුතු අතර නිවාස රක්ෂණ ණය ලබා ගැනීමට නොහැකිව වසර ගණනක් පොරොත්තු ලේඛනවල රැදී සිටින ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බවයි පැවසෙන්නේ.

ඉදිරි වසර 50 සිට 100 දක්වා කාලය තුළ ඔස්ට්‍රේලියාවේ අවදානම් කලාප හඳුනාගනිමින් ආපදා අවදානම අවම කිරීමට ක්‍රියා කළ යුතු අතර එසේ නොකරන්නේ නම් ඊළග පරම්පරාවද නොදැනුවත්වම මූල්‍ය ආතතියක් කරා යන බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ.

ගංවතුර සහ ලැව්ගිණි අවදානම් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වන අතර නිවාස මිල ගණන් දැරිය නොහැකි ලෙස ඉහළ යෑම ද ඊට බලපාන බව සඳහන්.

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »