Search

ඉන්දියාව සහ එංගලන්තයත් T20 සංචිත ප්‍රකාශයට පත්කරයි

ලබන ජූනි මස 01 වනදා ඇමරිකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඉන්දියාව 15 දෙනෙකුගෙන් යුත් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව රෝහිත් ශර්මා ඉන්දීය කණ්ඩායමට නායකත්වය ලබාදෙන අතර, හර්දික් පාණ්ඩ්‍යා උප නායකයා ලෙසටයි නම් කර ඇත්තේ.

මේ අතර මාරක රිය අනතුරකින් පසු යළි ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ වත්මන් දිල්ලි කැපිටල්ස් නායක රිෂාබ් පාන්ට්, චෙන්නායි මැදපෙළ ගොඩනගන ප්‍රහාරාත්මක පිතිකරු ශිවම් ඩුබේ මෙන්ම රාජස්ථාන් නායක සංජු සැම්සන් කෙරෙහි විශ්වාසය තබා ඔවුන්ව තෝරාගැනීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබීම විශේෂත්වයක්.

මෙවර අයි.පී.එල්. තරගාවලියේ මේ දක්වා එතරම් සාර්ථක පිතිකරුවෙකු බවට පත්වීමට අපොහොසත් වූ ගුජරාට් ටයිටන්ස් නායක ශුබ්මන් ගිල් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස නම්කර තිබීමත් කාගේත් අවධානයට ලක්වුණා.

මේ අතර එංගලන්ත ක්‍රිකට් ආයතනය ද තම ලෝක කුසලාන සංචිතය ප්‍රකාශයට පත්කරනු ලැබුවා.

මේ දිනවල පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියේදී සාර්ථකව ලකුණු අතරට පැමිණි රාජස්ථාන් කණ්ඩායමේ ක්‍රීඩක ජොස් බට්ලර්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායමේ උප නායකත්වයට පත්කර ඇත්තේ චෙන්නායි තුන්ඉරියව් ක්‍රීඩක මොයින් අලි.

බට්ලර් ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කරන අතර, ඔහුගේ සහායක පිතිකරුවා වන්නේ මේ දිනවල කොල්කටා කණ්ඩායමේ සාර්ථක ආරම්භක පිතිකරුවෙකු බවට පත්ව සිටින ෆිල් සෝල්ට්.

වැඩිපුර පැය ගණනක් වැඩ කළ ශිෂ්‍යයා ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබමින් සිටි ජාත්‍යන්තර සිසුවෙකුගේ ශිෂ්‍ය වීසා (Student Visa) බලපත්‍රය අහෝසි කිරීමට බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා.

Read More »

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහිව නඩු පවරයි

2016 වසරේ සිට සිදුකළ විමර්ශන අනුව යෝෂිත රාජපක්ෂට මුදල් ලද ආකාරය සම්බන්ධව සාධාරණ පැහැදිලි කිරීමක් සිදුකිරීමට නොහැකි වීම හේතුවෙන් ඔහුට එරෙහිව මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු පැවරීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

Read More »

තවත් ලාංකිකයන් ලක්ෂ 03 ක් රට හැර යන්න හදයි

මෙම වසරේදී ශ්‍රී ලාංකිකයින් 340,000 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගත කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශ කරනවා.

Read More »