
ඔස්ට්‍රේලියාවේ දැඩි කතා බහකට ලක්වී ඇති කාන්තා හිංසන සිදුවීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අද රැස්වීමට නියමිතව තිබෙනවා.
ප්‍රචණ්ඩත්වය අවම කරන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් ප්‍රාන්ත අගමැතිවරුන් සහ ප්‍රධාන අමාත්‍යවරුන් හමුවනු ඇති බවයි වාර්තා වන්නේ.
රට පුරා කාන්තාවන්ට එරෙහි හිංසන උග්‍ර වෙමින් අර්බුදයක් බවට පත්ව තිබීම හමුවේ එය විසඳීමට කැබිනට් මණ්ඩලය අපේක්ෂා කරන බැවින් ප්‍රාන්ත සහ ෆෙඩරල් නායකයින් අද මෙලෙස රැස් වනවා.

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කිරීම සඳහා දස දහස් ගණනක් සති අන්තයේ රට පුරා පැවැත්වූ විරෝධතාවලින් පසුව මෙම රැස්වීම පැවැත් වීමටයි අගමැතිවරයා තීරණය කරනු ලැබුවේ.
දකුණු ඕස්ට්‍රේලියාවේ එක රැයකින් බලාත්මක වූ නීතියක් අද අමාත්‍ය මණ්ඩල රැස්වීම් න්‍යාය පත්‍රයේ ඉහළින්ම ඇති බව සඳහන්.

දැඩි නීති, කාන්තා සහ ළමා උපකාරක සේවා සඳහා වැඩි අරමුදල් සැපයීම වැනි වෙනත් කරුණු ද සාකච්ඡාවට ගනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය දිගුකාලීන ගැටළුවක් බව පිළිගන්නා අතර ඊට ආකල්පමය වෙනසක් අවශ්‍ය බව අගමැතිවරයා පසුගියදා ප්‍රකාශ කළා.