ශ්‍රී ලාංකිකයෙකුට පහර දුන් බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරියෙකුට දඬුවම්

අපරාධකරුවෙකු ලෙස වරදවා වටහාගෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකුට පහර දුන් එක්සත් රාජධානියේ මෙට්‍රොපොලිටන් පොලිස් නිලධාරියෙකුට දඬුවම් නියම කර තිබෙනවා.

34 හැවිරිදි සැකකාර පොලිස් නිලධාරියා 2022 වසරේ නොවැම්බර් 13 වනදා නැගෙනහිර ලන්ඩනයේ ස්ථානයකට පැමිණ තිබුණේ කිසියම් අයෙකු මරණ තර්ජනය කරමින් හැසිරෙන බවට ලැබුණු තොරතුරකට අනුවයි.

එම තොරතුර ලබා දී තිබූ ශ්‍රී ලාංකිකයා සැකකරු බවට වරදවා වටහාගත් පොලිස් නිලධාරියා ඔහු බිම දමා හිසට පහරදී තිබූ බවයි වාර්තා වන්නේ.

රසික අත්තනායක නම් මෙම ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඔහුට බැන වදිමින් හිස පිටුපසට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

සැකකාර පොලිස් නිලධාරියාට මාස 12 කට අත්හිටුවන ලද සති 12ක සිරදඬුවමක් ද පැය 150ක් වැටුප් නොමැතිව සේවය කිරීමට ද අධිකරණය නියෝග කර තිබෙනවා.

එමෙන්ම ඔහු ශ්‍රී ලාංකිකයාට වන්දි වශයෙන් පවුම් 1,500ක් සහ පවුම් 154ක සම්මත අධිභාරයක් ද ගෙවිය යුතු බව සඳහන්.

නඩු විභාගයෙන් පසුව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ සම්භවයක් ඇති 42 හැවිරිදි දෙදරු පියෙකු වන රසික අත්තනායක පැවසුවේ මෙම සිද්ධිය තමාට මානසික හා ශාරීරික හානියක් සිදු කර ඇති බවයි.

තමා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වන අතර මෙම පහරදීමෙන් පසු උරහිසේ ඇති ගැටලු හේතුවෙන් ක්‍රීඩා කිරීමට ද නොහැකි වී ඇතැයි ඔහු සඳහන් කළා.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »