Search

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන්න ඩොලර් මිලියන 925ක්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ප්‍රචණ්ඩත්වය අත්හැරීමේ වැඩසටහන ස්ථාපිත කිරීම සඳහා ෆෙඩරල් රජය ඩොලර් මිලියන 925ක් යෙදවීමට අනුමැතිය හිමිව තිබෙනවා.

ප්‍රචණ්ඩත්වයට ලක්වන ඔස්ට්‍රේලියානු කාන්තාවන්‍ වෙනුවෙන් පියවර රැසක් ගැනීමට තීරණය වී ඇති අතර ඩොලර් 5000ක් දක්වා මූල්‍ය ආධාර ලබා ගැනීමට ඔවුන් සුදුසුකම් ලබන බවයි කැබිනට් රැස්වීමේදී තීරණය කර ඇත්තේ.

පස් අවුරුදු සැලැස්මක් යටතේ ස්ථාපිත කර ඇති වැඩසටහන මෑතකාලීනව සිදුවන කාන්තා හිංසන මෙන්ම ඝාතන ඉහළයෑමත් සමග අගමැති ඇන්තනී ඇල්බනීස් ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය මෙම පියවර ගෙන තිබෙනවා.

අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් අද උදෑසන ජාතික කැබිනට් රැස්වීමෙන් අනතුරුව කාන්තා ප්‍රචණ්ඩත්වයට එරෙහි අනෙකුත් ක්‍රියාමාර්ග ඇතුළත් පස් අවුරුදු වැඩසටහන නිවේදන කළා.

අසභ්‍ය දර්ශන නිර්මාණය කිරීම සහ බෙදා හැරීම තහනම් කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට ද ජාතික කැබිනට් මණ්ඩලය සහාය පළ කර තිබීම ද විශේෂත්වයක්.

ප්‍රාන්ත රජයන් සමග එක්ව ඔස්ට්‍රේලියානුවන් ප්‍රචණ්ඩ කාමුක දර්ශනවලට නිරාවරණය වීම අඩු කිරීමට විකල්ප පරීක්ෂා කරන බවයි අගමැතිවරයා කැබිනට් රැස්වීම අතරතුර පැවසා ඇත්තේ.

ඔන්ලයින් ආරක්ෂණ පනත සමාලෝචනය කිරීමේ දිනය මෙම අගෝස්තු මාසය දක්වා ඉදිරියට ගෙන එන ලද අතර, ඒ පිළිබඳ වැඩිදුර අධ්‍යනයන් සිදු කළ යුතු බවට ද එහිදි යෝජනා ඉදිරිපත්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියා නිපුණතා හිඟයට University වලින් විසඳුම්

ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාල පුහුණු ශ්‍රමිකයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂිත වැඩසටහන් දියත්කරමින් සිටින බව මෙල්බන් විශ්ව විද්‍යාලය පවසනවා.

Read More »