බිලියනපතියන් වැඩියෙන්ම ඉන්න නගර 10 ප්‍රකාශයට පත් කෙරේ

ලොව බිලියනපතියන් වැඩි වශයෙන් ජීවත් වන නරග 10 ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Forbes සඟරා දත්ත අනුව මෙම වසරේ බිලියනපතියන් 2,781ක් ලොව පුරා ව්‍යාප්ත ව ඇති බව සඳහන්.

Forbes හි නවතම ලැයිස්තුවට අනුව බිලියනපතියන්ගෙන් හතරෙන් එකක පිරිසකගේ ඒකාබද්ධ වත්කම ඩොලර් ට්‍රිලියන 3ක් ලෙසයි සඳහන්ව ඇත්තේ.

මෙම බිලියනපතියන් අතුරින් වැඩි දෙනෙක් රටවල් හයකට අයත් නගර 10ක ජීවත් වීම විශේෂත්වයක්.

ඇමරිකාවේ නිව් යෝර්ක් නගරය නැවත වරක් ලෝකයේ වැඩිම බිලියනපතියන් පිරිසකට නිවහන සපයන නගරය ලෙස නම් කර තිබෙනවා.

නිව්යෝර්ක් නගරයේ සිටින සමස්ත බිලියනපතියන් ගණන 110ක් වන අතර නිව්යෝර්ක්හි ධනවත්ම බිලියනපතියා මයිකල් බ්ලූම්බර්ග් ලෙසටයි සැලකෙන්නේ.

දෙවනියට ලොව වැඩිම බිලියනපතියන් සිටින නගර දෙකක් නම්කර ඇති අතර රුසියාවේ මොස්කව් සහ හොංකොං ඒ අතර වනවා.

එම නගර දෙකෙහිම බිලියනපතියන් 74දෙනා බැගින් සිටින බවයි වාර්තා වන්නේ.

එම ශ්‍රේණිගත කිරීමේ වැඩිම බිලියනපතියන් වෙසෙන හතරවන නගරය මුම්බායි වන අතර පස්වන තැන හිමිකරගෙන ඇත්තේ බීජින් නගරයයි.

බිලියනපතියන් 62ක් වාසය කරන ලන්ඩන් නගරය 6වන ස්ථානයට පැමිණ ඇති අතර එහි බිලියනපතියන්ගේ සමස්ත වත්කම ඩොලර් බිලියන 326ක්.

සිංගප්පූරුව එම ශ්‍රේණිගත කිරීමේ 9වන ස්ථානයත් සැන් ෆැන්සිස්කෝ නගරය බිලියනපතියන් 50ක් සමගින් එම ශ්‍රේණිගත කිරීමේ 10 වන තැනත් හිමිකරගෙන තිබෙනවා.

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »