Day: May 26, 2021

මෙල්බර්න් කොවිඩ් ආසාධිතයන් ගමන් කල තවත් ස්ථාන ලැයිස්තුවක් – RMIT සරසවියත් ඒ අතර

මෙල්බර්න් නුවරින් හමුවූ නව කොවිඩ් ආසාධිතයන් ගමන් කල තවත් ස්ථාන ඇතුළත් ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කර තිබේ. ඊට අනුව Carlton, Queensberry Street හි RMIT විශ්ව විද්‍යාලයේ Building 56 ගොඩනැගිල්ලද අවධානම් ස්ථානයක් ලෙසයි නම් කර ඇත්තේ. ඒ අනුව පසුගිය 21 වනදා පෙරවරු 08 ත් – 10.30 ත් අතර එම ස්ථානයේ සිටි ඕනෑම අයෙකුට වහා සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙස දන්වා තිබෙනවා. ලැයිස්තුගත කර ඇති වේලාවන්හි පහත ස්ථානවලට සහභාගී වූ ඕනෑම අයෙකු වහාම දින 14 ක් ස්වයං නිරෝධායනයට

Read More »
SRI LANKA AIR PORT

ජූනි 01 දා සිට ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළ යළි ඇරේ

ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට පැමිණීම වළක්වමින් පණවා තිබූ නියමයන් ලබන ජූනි පළමුවනදා සිට ඉවත් කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා. කෙසේවෙතත් ගතවූ දින 14 තුළදී ඉන්දියාවේ සිට ඇත්නම් එවැනි මගීන්ට රටට පැමිණිම අත්හිටුවමින් පණවා ඇති නියෝග නැවත දැනුම් දෙන තුරු බලාත්මක බවයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කලේ. එමෙන්ම එක් ගුවන් යානයකින් එක් වරකදී රටට පැමිණිය හැකි පුද්ගලයන් සංඛ්‍යාව 75 නොඉක්මවිය යුතු වනවා. පසුගිය මැයි 11 වනදා සිට බලාත්මක වන පරිදි සෞඛ්‍ය

Read More »

School camp ගිහින් වික්ටෝරියා හි පිහිණුම් තටාකයක ගිලී 08 හැවිරිදි දරුවෙකු මරුට

සිය පුත්‍රයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස වික්ටෝරියා ප්‍රාන්තයේ දෙමාපිය යුවළක් බළධාරීන්ගෙන් ඉල්ලා සිටී. Port Fairy හි පිහිටා ඇති Belfast Aquatics පිහිණුම් තටාකයේදී Cooper Onyett මරණයට පත්වූයේ පසුගිය සිකුරාදා රාත්‍රියේදීයි. school camp ගිය සිය 08 හැවිරිදි පුතුට සිදුවූයේ කුමක්දැයි ඔහුගේ මව තවමත් පිළිතුරු අපේක්ෂාවෙන් සිටී. Cooper ගේ මරණයෙන් පසු ඇතිකල GoFundMe අරමුදලකට මේ වනවිට ඩොලර් 90 000 කට වඩා ආධාර ලැබී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළ කරමින් Belfast Aquatics කළමණාකාරීත්වය මෙසේ සටහනක් තබා තිබිණ. “කළමනාකරණ

Read More »

ක්වන්ටාස් වෙතින් නව ගුවන් ගමන් වාර 07 ක්

නව ගුවන් ගමන් වාර 07 ක් ආරම්භ කිරීමට ඔස්ටේ්‍රලියාවේ ජාතික ගුවන් සේවය වන ක්වන්ටාස් තීරණය කර තිබේ. මේ අනුව ක්වන්ටාස් සහ ජෙට් ස්ටාර් එක්ව මෑතකදී ආරම්භ කල නව ගුවන් වාර ගණන 45 දක්වා ඉහළ යයි. හඳුන්වාදීමේ ආරම්භක ගාස්තු ලෙස ඇඩිලේඩ් – හෝබාර්ට් ඩොලර් 139 කට / සිඩ්නි – ටවුන්ස්විල් ඩොලර් 229 කට / පර්ත් – ගෝල්ඩ් කෝස්ට් ඩොලර් 229 කට ලබන 27 වනදා රාත්‍රී 12 තෙක් වෙන් කරවා ගැනීම් කරගත හැකිය. New routes Adelaide –

Read More »

ඩිල්ෂාන් ඔස්‌ට්‍රේලියාවේ ගෙදර විකුණා දමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න දිල්ෂාන් ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පිහිටි සිය නිවෙස විකුණා ඇති බව වාර්තා වේ. මෙල්බර්න් CBD සිට කිලෝමීටර් පහක් පමණ දුරින් පිහිටි Prahran හි පිහිටි මෙම නවීන මහල් නිවාසය මේ මස මුලදී වෙන්දේසියේ විකුණන ලද නමුත් එහි මිල ගණන් මෙතෙක් අනාවරණය කර නොමැත. පහළම මාලය තුළ පිවිසුම් ශාලාවක් ඇති අතර එය නිදන කාමර දෙකකට ඉදිකර ඇත. විවෘත පිවිසුම සහ දර්ශනීය කෑම සාලය මෙන්ම terrace සහිත ප්‍රධාන නිදන කාමරයක් ද එහි තිබී ඇත.

Read More »