මෙල්බන් කොවිඩ් පොකුර නිසා VIC සිට පැමිණෙන පුද්ගලයන්ට එක් එක් ප්‍රාන්ත පැණවූ සීමා මෙන්න

මෙල්බර්න් උතුරු ප්‍රදේශයෙන් කොවිඩ් ආසාධිතයන් 15 දෙනෙකුගේ පොකුරක් වාර්තාවීමත් සමග වික්ටෝරියා ප්‍රාන්තය සමග වන ප්‍රාන්ත සීමා දැඩි කිරීමට සියලුම ප්‍රාන්ත තීරණය කර තිබේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

ඒ අනුව​, මෙල්බන් හි කොරෝනා දැඩි අවදානම් කලාප ලෙස නම් කර ඇති ස්ථාන වෙත ගොස් ඇති නම් ඔවුනට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය වෙත යා නොහැක​. තවද​, casual contact ස්ථානයන් වෙත ගොස් ඇති පුද්ගලයින් හට කොරෝනා ඍණාත්මක බවට සාක්‍ෂි ඉදිරිපත් කල යුතුවේ. නිව් සවුත් වේල්ස් රජය මඟින් මෙල්බන් හි නිරාවරණ ස්ථාන​ වර්ගීකරණ ලැයිස්තුවක් ඉදිරිපත් කර ඇත​. එම ලැයිස්තුව මෙතැනින්; https://www.nsw.gov.au/covid-19/rules/border-restrictions

ග්‍රේටර් මෙල්බර්න් හි සමීප හෝ අනියම් සම්බන්ධතා ස්ථානවලට ගොස් ඇති NSW පදිංචිකරුවන් එම ස්ථානවලට පිවිස දින 14 ක් ගතවුවද වහාම ස්වයං හුදකලා විය යුතුය.

ග්‍රේටර් මෙල්බර්න් හි සංචාරකයින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ඇතුල් වීමට පැය 24 කට පෙර self-declaration form එකක් සම්පූර්ණ කළ යුතුය.

දකුණු ඕස්ට්‍රේලියාව
පසුගිය දින 14 තුළ Whittlesea නගර සභාවේ හෝ වෙනත් නිරාවරණ ස්ථානයක සිටි පුද්ගලයින්ට දකුණු ඕස්ට්‍රේලියාවට ඇතුළුවීම තහනම් කර ඇත.

ග්‍රේටර් මෙල්බර්න් ප්‍රදේශයේ වෙනත් තැනක පදිංචි ඕනෑම අයෙකුට SA වෙත යාමට​ අවසර දෙනු ලැබේ. නමුත් ඔවුන් කොරෝනා​ පරීක්ෂණ සහ ස්වයං හුදකලා අවශ්‍යතා අනුගමනය කලයුතු වේ.

දැනටමත් දකුණු ඕස්ට්‍රේලියාවේ සිටින නමුත් අදාළ වේලාවට මෙල්බන් හි නිරාවරණ අඩවියකට පිවිසි ඕනෑම අයෙකු දින 14 ක් ස්වයං නිරෝධායනය විය යුතු අතර 1, 5 සහ 13  වන දිනවල දී COVID-19 පරීක්ෂණ සිදු කල යුතු වේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය​
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය විසින් Whittlesea නගරය කොවිඩ් Hotspot එකක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර ප්‍රාන්තයට පැමිණෙන අය සඳහා නව පියවර මාලාවක් ප්‍රකාශයට පත් කර ඇත:

බදාදා(26/5) අලුයම 1.00 සිට බලාත්මක වන පරිදි මැයි 11 වන දින සිට Whittlesea නගරයේ සිටි ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වැසියන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය වෙත පැමිණීමේදී අනිවාර්‍ය හෝටල් නිරෝධායනයකට ලක් විය යුතුවේ.

​බ්‍රහස්පතින්දා(27/5) අලුයම 1.00 සිට වික්ටෝරියා සිට පැමිණෙන සෑම කෙනෙකුටම දේශසීමා අවසර පත්‍රයක් සම්පූර්ණ කළ යුතුය.

මැයි 11 සිට Whittlesea ප්‍රදේශයේ සිටින සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත පදිංචිකරුවෙකු නොවන ඕනෑම අයෙකුට ප්‍රාන්තයට ඇතුළුවීමට අවසර නැත​.

ටස්මේනියාව
ග්‍රේටර් මෙල්බර්න් හි නිරාවරණ ස්ථානයකට ගිය සංචාරකයින්ට ඉහළ අවදානම් සහිත නගරයක් වන Whittlesea ද ඇතුළුව අත්‍යවශ්‍ය සංචාරකයෙකු ලෙස අනුමත නොකළහොත් ටස්මේනියාවට ඇතුළුවීමට අවසර නැත.

මේ වන විටත් ටස්මේනියාවේ සිටින පුද්ගලයින් මැයි 6 වන දින හෝ ඊට පසුව නිරාවරණ ස්ථානයකට පිවිස ඇති නම් වහාම ස්වයං හුදකලා වී වැඩිදුර උපදෙස් සඳහා මහජන සෞඛ්‍ය ඇමතුම් අංකයට අමතන ලෙස උපදෙස් දී ඇත​.

බටහිර ඕස්ට්‍රේලියාව
අඟහරුවාදා(24/5) සවස 6 සිට වික්ටෝරියා සිට පැමිණෙන සියලු දෙනා පැය 48 ක් ඇතුළත කොරෝනා සඳහා පරීක්‍ෂා කර ඍණාත්මක ප්‍රතිඵලයක් ලබා දෙන තෙක් ස්වයං නිරෝධායනය විය​ යුතුය.

ACT
ග්‍රේටර් මෙල්බර්න් හි නිරාවරණ ස්ථානයකට ගිය ACT වැසියන් ACT Health හා සම්බන්ධ වී දින 14 ක් නිරෝධායනය කළ යුතුය.

විශේෂ නිදහස් කිරීමක් සිදු නොකලහොත් මිස නිරාවරණ අඩවියකට පිවිසි අනෙකුත් ප්‍රාන්ත වැසියන් සඳහා ප්‍රාන්තයට ඇතුළුවීම තහනම් වේ.

පසුගිය දින 14 තුළ ග්‍රේටර් මෙල්බර්න් හි සංචාරය කල​ ACT වැසියන් Online Declaration Form එකක් සම්පූර්ණ කළ යුතුය.

උතුරු ප්‍රදේශය/ Northern Territory
ග්‍රේටර් මෙල්බර්න් හි “Tier 1” නිරාවරණ අඩවියකට පිවිසි ඕනෑම අයෙකු සුදුසු නිරෝධායන ස්ථානයකට ගොස් දින 14 ක් එම ස්ථානයේ රැඳී සිටිමින් COVID පරීක්ෂණයක් ලබා ගත යුතුය.

“Tier 2” නිරාවරණ අඩවියට පිවිසි ඕනෑම අයෙකු COVID පරීක්ෂණයක් ලබා ගත යුතු අතර පරීක්ෂණයේ ප්‍රතිඵ​ල දැනුම් දෙන තුරු ස්වයං හුදකලා විය යුතුය.

මැයි 6 සිට ග්‍රේටර් මෙල්බර්න් සිට උතුරු ප්‍රදේශයට ගොස් COVID රෝග ලක්ෂණ පෙන්නුම් කරන ඕනෑම අයෙකු ස්වයං-හුදකලා වී COVID පරීක්ෂණයක් ලබා ගත යුතුය.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »