
ලබන සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ලබන 31 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා විදේශයන්හි සිට පැමිණෙන කිසිවෙකුට ශ්‍රී ලංකාවට පැමිණීම අත්හිටුවා තිබෙනවා.
ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියාරච්චි කියාසිටියේ කිසිදු මගී ගුවන් යානයකට ඒ අනුව රට තුළට ඇතුලුවීමට අවසර නොදෙන බවයි.
කෙසේවෙතත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සඳහා එවැනි කිසිදු බාධාවක් නොමැති බවද ඔහු සඳහන් කලා.
