Day: May 19, 2021

ලබන සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට දින 10 කට ශ්‍රී ලංකාවට ඇතුලුවීම තහනම්

ලබන සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට ලබන 31 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා විදේශයන්හි සිට පැමිණෙන කිසිවෙකුට ශ්‍රී ලංකාවට පැමිණීම අත්හිටුවා තිබෙනවා. ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියාරච්චි කියාසිටියේ කිසිදු මගී ගුවන් යානයකට ඒ අනුව රට තුළට ඇතුලුවීමට අවසර නොදෙන බවයි. කෙසේවෙතත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා සඳහා එවැනි කිසිදු බාධාවක් නොමැති බවද ඔහු සඳහන් කලා.

Read More »

ඉන්දියාවේදී කොවිඩ් වැළඳී 03 වන ඔස්ටේ්‍රලියානුවාත් මරුට

ඉන්දියාවේදී කොවිඩ් වෛරසය වැළඳීමෙන් තවත් ඔස්ටේ්‍රලියානු ජාතිකයෙකු මියගොස් තිබේ. මෙය එවැනි 03 වන මරණයයි. සුනිල් ඛන්නා නම් 51 හැවිරිදි ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් ඉන්දියාවේදී සිය දෙමාපියන් බැලීමට යාමෙන් අසනීප වී මියගොස් තිබේ. ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු නොවූ ඔහුගේ 83 හැවිරිදි මව ද COVID-19 නිසා මිය ගියේය. බලශක්ති සමාගමක කළමණාකරුවෙකු වු 47 හැවිරිදි ගෝවින්ද් කාන්ත් දිල්ලියේ රෝහලකදී මිය ගිය අතර ඔහු ඉන්දියාවේදී මියගිය දෙවැනි ඔස්ටේ්‍රලියානුවායි.

Read More »

ලාංකික තරුණියක් නිසා ජපානය මතභේදාත්මක සංක්‍රමණ පණත අකුළා ගනී

රැඳවුම් කඳවුරක සිටි ශ්‍රී ලාංකික තරුණියකගේ මරණයත් සමග හටගත් දෝෂාරෝපණ හමුවේ යෝජිත නව සංක්‍රමණ පණත හකුලා ගැනීමට ජපාන රජයට සිදුවී තිබෙනවා. එම පණතින් රැඳවුම් මධ්‍යස්ථාන බළධාරීන්ට වැඩි බලතල හිමිවීමත් දේශපාලන රැකවරණ පතන්නන් පිටුවහල් කිරීමටත් වැඩි බලතල හිමිවීමත් ඊට හේතුවයි. 33 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක පසුගිය මාර්තු මාසයේදී ජපාන රැඳවුම් කඳවුරකදී මියගොස් තිබුණේ දීර්ඝ කාලයක් නිරාහාරව සිටියදීයි. එම ස්ථානයේදී ඇයට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය පහසුකම් හෝ නොලැබුණු බවට චෝදනා පවතිනවා. ඇය ශිෂ්‍ය වීසා මත ජපානයට ගොස් තිබූ අතර

Read More »

පසුගිය වසර පුරා ඔස්ටේ්‍රලියාවේ වැටුප් වැඩිවීම 1.5% යි / වැඩිම ටස්මේනියාවේ – අඩුම ACT

පසුගිය වසර පුරාම ඔස්ටේ්‍රලියාවේ වැටුප් වැඩිවී ඇත්තේ සියයට 1.5 කින් බව අනාවරණය වී තිබේ. පසුගිය මාස 03 සැළකූ විට එය සියයට 0 යි දසම 6 ක් බවයි හෙළිවන්නේ. රාජ්‍ය අංශ සේවකයන්ට වඩා පුද්ගලික සේවකයන්ගේ වැටුප් තල සාපේක්ෂව ඉහළ අගයක පවතින බවයි අනාවරණ වී ඇත්තේ. විදුලි – ගෑස් – ජල – අපද්‍රව්‍ය – කලා වැනි අංශවල සේවය කරන්නන් අනෙකුත් අංශවලට වඩා අඩු වැටුප් ලබන බවටයි තහවුරු වී ඇත්තේ. රට පුරා, ටස්මේනියාව ඉහළම කාර්තුමය (සියයට 0.8) සහ

Read More »

T20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ ඔස්ටේ්‍රලියාවට

පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේදී ඔස්ටේ්‍රලියාවට පැමිණිමට නියමිතව තිබෙනවා. පෙබරවාරි මාසයේදී තරග 05 කින් සමන්විත තරගාවලියක් මෙලෙස සංවිධාන කර ඇති බවයි ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ. පළමු තරගය පෙබරවාරි 11 වනදා සිඩ්නි හිදීත් / දෙවන තරගය පෙබරවාරි 13 වනදා ගැබා හිදීත් / තුන්වන තරගය Carrara හිදීත් පැවැත්වෙනු ඇති. 04 වන තරගය පෙබරවාරි 18 වනදා ඇඩිලේඩ් හිදීත් 05 වන තරගය පෙබරවාරි 20 වනදා මෙල්බර්න් හිදීත් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

Read More »