Day: May 19, 2021

ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 1000 පසු කරයි

ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා තිබෙනවා. ඒ ඊයේ (18) දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 34 ක් වාර්තා වීමත් සමගයි. දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ද මෙය වනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1015 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Read More »

ඔස්ටේ්‍රලියානුවන්ට ප්‍රාන්ත අතර ගමන් කිරීමට පවා කොවිඩ් Passport ???

අනාගතයේ කිසියම් දිනක ඔස්ටේ්‍රලියානුවන්ට ප්‍රාන්ත අතර ගමන් කිරීමට පවා කොවිඩ් ගමන් බලපත්‍රයක් භාවිත කිරීමට සිදුවනු ඇති බවට අගමැති ස්කොට් මොරිසන් අනාවැකි පළකරයි. එමගින් ප්‍රාන්ත අතර කොවිඩ් වසංගතය පැතිර යාම පාලනය කර ගැනීමට හැකිවනු ඇතැයිද ඔහු කියා සිටී. රූපවාහිනී නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා මෙම අදහස් පළකලේය. මෙවර අයවැයෙන් සහන රැසක් ලබාදී ඇති බවද අගමැති මොරින් පැවසීය. දේශ සීමා වසා දැමීමට පියවර ගත්තේ බහුතරයක් ඔස්ටේ්‍රලියානුවන් ගේ සුබසෙත සලකා බවද අගමැතිවරයා සඳහන් කලා.

Read More »

NSW රියදුරන් ලක්ෂයක් $ 500 දීමනාව එපා කියයි

වසරකට ඩොලර් 500 කට වඩා ඉතිරිකරගත හැකි ක්‍රමයකට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ රියදුරන් ලක්ෂයකට වැඩි පිරිසක් තවමත් ලියාපදිංචි වී නොමැති බව වාර්තා වනවා. Toll Relief නම් මෙම වැඩසටහන යටතේ සිදුවන්නේ නිරතුරුව Toll අයකෙරෙන මාර්ග භාවිත කරන රියදුරන්ට තෝරාගත් අවස්ථාවලදී ගාස්තු රහිතව මෙන්ම ඇතැම් අවස්ථාවලදී වට්ටම් සහිතව ගමන් කිරීමට අවස්ථාව සළසා දීමයි. මේ අනුව සතියකට ඩොලර් 16 ක් හෝ වසරකදී ඩොලර් 811 ක් වියදම් කර ඇති රියදුරන්ට වට්ටම් සඳහා ඉල්ලුම් කල හැකියි. සතියකට ඩොලර් 26 ක්

Read More »