NSW රියදුරන් ලක්ෂයක් $ 500 දීමනාව එපා කියයි – AusLanka TV – Australian News for the Sri Lankan community

NSW රියදුරන් ලක්ෂයක් $ 500 දීමනාව එපා කියයි

NSW රියදුරන් ලක්ෂයක් $ 500 දීමනාව එපා කියයි

වසරකට ඩොලර් 500 කට වඩා ඉතිරිකරගත හැකි ක්‍රමයකට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ රියදුරන් ලක්ෂයකට වැඩි පිරිසක් තවමත් ලියාපදිංචි වී නොමැති බව වාර්තා වනවා.

Toll Relief නම් මෙම වැඩසටහන යටතේ සිදුවන්නේ නිරතුරුව Toll අයකෙරෙන මාර්ග භාවිත කරන රියදුරන්ට තෝරාගත් අවස්ථාවලදී ගාස්තු රහිතව මෙන්ම ඇතැම් අවස්ථාවලදී වට්ටම් සහිතව ගමන් කිරීමට අවස්ථාව සළසා දීමයි.

මේ අනුව සතියකට ඩොලර් 16 ක් හෝ වසරකදී ඩොලර් 811 ක් වියදම් කර ඇති රියදුරන්ට වට්ටම් සඳහා ඉල්ලුම් කල හැකියි.

සතියකට ඩොලර් 26 ක් හෝ වසරකට ඩොලර් 1352 ක් වැය කර ඇත්නම් වට්ටම් ප්‍රතිශතය ඉහළ අගයක් ගනී.

එහෙත් NSW ප්‍රාන්ත රජය පවසන්නේ මේ සඳහා සුදුසුකම් ලබා ඇති රියදුරන් අතුරින් සියයට 37 ක් පමණ මෙතෙක් ලියාපදිංචි වී නොමැති බවයි.

ඉන් වැඩිම පිරිසක් අයත්වන්නේ Crows Nest, Wentworthville, Seven Hills, Blacktown, Baulkham Hills, Castle Hill, Kellyville, Liverpool , Mount Druitt ප්‍රදේශවලට බව සඳහන්.

ලබන ජූනි 30 වනදාට පෙර මේ සඳහා ලියාපදිංචි වන ලෙසටයි NSW ප්‍රාන්ත රජය රියදුරන්ට දන්වා සිටින්නේ.