ඔස්ටේ්‍රලියානුවන්ට ප්‍රාන්ත අතර ගමන් කිරීමට පවා කොවිඩ් Passport ???

අනාගතයේ කිසියම් දිනක ඔස්ටේ්‍රලියානුවන්ට ප්‍රාන්ත අතර ගමන් කිරීමට පවා කොවිඩ් ගමන් බලපත්‍රයක් භාවිත කිරීමට සිදුවනු ඇති බවට අගමැති ස්කොට් මොරිසන් අනාවැකි පළකරයි.

එමගින් ප්‍රාන්ත අතර කොවිඩ් වසංගතය පැතිර යාම පාලනය කර ගැනීමට හැකිවනු ඇතැයිද ඔහු කියා සිටී.

රූපවාහිනී නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අගමැතිවරයා මෙම අදහස් පළකලේය.

මෙවර අයවැයෙන් සහන රැසක් ලබාදී ඇති බවද අගමැති මොරින් පැවසීය.

දේශ සීමා වසා දැමීමට පියවර ගත්තේ බහුතරයක් ඔස්ටේ්‍රලියානුවන් ගේ සුබසෙත සලකා බවද අගමැතිවරයා සඳහන් කලා.