T20 තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ ඔස්ටේ්‍රලියාවට

පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේදී ඔස්ටේ්‍රලියාවට පැමිණිමට නියමිතව තිබෙනවා.

පෙබරවාරි මාසයේදී තරග 05 කින් සමන්විත තරගාවලියක් මෙලෙස සංවිධාන කර ඇති බවයි ඔස්ටේ්‍රලියා ක්‍රිකට් ආයතනය නිවේදනය කලේ.

පළමු තරගය පෙබරවාරි 11 වනදා සිඩ්නි හිදීත් / දෙවන තරගය පෙබරවාරි 13 වනදා ගැබා හිදීත් / තුන්වන තරගය Carrara හිදීත් පැවැත්වෙනු ඇති.

04 වන තරගය පෙබරවාරි 18 වනදා ඇඩිලේඩ් හිදීත් 05 වන තරගය පෙබරවාරි 20 වනදා මෙල්බර්න් හිදීත් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

හතු ආහාරයට ගන්න සොයන ඔස්ට්‍රේලියානුවන්ට සෞඛ්‍ය අංශවලින් උපදෙසක්

හතු හට ගැනීමේ සමය ආරම්භ වීමත් සමග විවිධ හතු වර්ග ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

Read More »

යුපුන් අබේකෝන් ඉතාලියේදී ශ්‍රී ලංකාවේ නම බබළවයි

ඉතාලියේ පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 Serie-1 තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් පළමු ස්ථානය ජයග්‍රහණය කර තිබෙනවා.

Read More »