Search

සංචාරක ආකර්ෂණය වැඩි කර ගන්න නෙළුම් කුළුනෙන් පනින්න සූදානම්

කොළඹ නෙළුම් කුළුණේ සිට පැරෂුට් පැනීමේ සංදර්ශනයක් අද සිට දින 3ක් පුරා පැවැත් වීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

ජාත්‍යන්තර බේස් ජම්පර්ස් සාමාජිකයින් 35ක් මෙහිදී සිය කුසලතා ප්‍රදර්ශනය කරන බවයි නෙලුම් කුළුණ කළමනාකරණ සමාගම සඳහන් කළේ.

මෙම අවස්ථාව නැරඹීමට පැමිණෙන ලෙසට ද නෙළුම් කුළුණ කළමනාකාරීත්වය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අද (12), හෙට (13) සහ අනිද්දා (14) යන තෙදින තුළ මෙම පැරෂුට් පිමි පැනීමේ සංදර්ශනය පැවැත්වෙනු ඇති.

අද පස්වරු 01 සිට සවස 6 දක්වාත් හෙට (13) පෙරවරු 9සිට රාත්‍රී 9 දක්වා සහ අවසන් දිනය වන 14 වනදා පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අදාළ සංදර්ශනය පැවැත්වෙන බව සඳහන්.

නෙලුම් කුළුණ වෙත සංචාරක ආකර්ෂණය ඉහළ නංවා ගැනීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »