හතු ආහාරයට ගන්න සොයන ඔස්ට්‍රේලියානුවන්ට සෞඛ්‍ය අංශවලින් උපදෙසක්

හතු හට ගැනීමේ සමය ආරම්භ වීමත් සමග විවිධ හතු වර්ග ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

රට පුරා හතු සොයන්නන්ගේ ක්‍රියාකාරකම් මෙම කාලයේ වර්ධනය වන අතර බොහෝ විට ඔවුන්ගේ සොයාගැනීම් තහවුරු කර ගැනීමට සමාජ මාධ්‍ය භාවිතා කරන බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.

වික්ටෝරියානු කාන්තාවක් වූ එරින් පැටර්සන්ට එරෙහිව මිනීමැරුම් චෝදනා තුනක් එල්ලවී ඇත්තේ ද විෂ සහිත හතු ආහාරයක් පවුලේ සාමාජිකයන්ට ලබාදීම හේතුවෙන්.

ආහාර සුරක්ෂිතතා තොරතුරු කවුන්සිලයේ සාමාජිකා ලිඩියා බුක්මන් වනගතව හටගන්නා හතු වර්ග ආහාරයට ගැනීමට එරෙහිව නිරන්තරයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලබනවා.

ඇය ජනතාට උපදෙස් දෙන්නේ වනගතව වැවෙන හතු වර්ග තෝරාගෙන ආහාරයට ගැනීමට වඩා වාණිජමය වශයෙන් නියමිත ක්‍රමවේදයන්ට අනුව වගා කරනු ලබන හතු ආහාරයට ගන්නා ලෙසටයි.

සුපිරි වෙළඳසැල්, දේශීය වෙළඳසැල් හෝ පළතුරු සහ එළවළු වෙළඳපොළ වැනි පිළිගත් ස්ථානයකට ගොස් හතු මිලදී ගෙන දේශීය වගාකරුවන්ට සහාය වන ලෙසටයි ජනතාවට දැනුම් දෙන්නේ.

බිම්මල් විශේෂවලින් අතිමහත් බහුතරයක් තවමත් සොයාගෙන නොමැති අතර ක්ෂුද්‍රජීවී විද්‍යාඥ ආචාර්ය වීටෝ බුටාර්ඩෝ පැවසුවේ නොමිලේ හතු ලබා ගැනීමට වඩා ජීවිතය වැදගත් ලෙසට සැලකිය යුතු බවයි.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »