ලාංකික තරුණියක් නිසා ජපානය මතභේදාත්මක සංක්‍රමණ පණත අකුළා ගනී

රැඳවුම් කඳවුරක සිටි ශ්‍රී ලාංකික තරුණියකගේ මරණයත් සමග හටගත් දෝෂාරෝපණ හමුවේ යෝජිත නව සංක්‍රමණ පණත හකුලා ගැනීමට ජපාන රජයට සිදුවී තිබෙනවා.

එම පණතින් රැඳවුම් මධ්‍යස්ථාන බළධාරීන්ට වැඩි බලතල හිමිවීමත් දේශපාලන රැකවරණ පතන්නන් පිටුවහල් කිරීමටත් වැඩි බලතල හිමිවීමත් ඊට හේතුවයි.

33 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක පසුගිය මාර්තු මාසයේදී ජපාන රැඳවුම් කඳවුරකදී මියගොස් තිබුණේ දීර්ඝ කාලයක් නිරාහාරව සිටියදීයි.

එම ස්ථානයේදී ඇයට ප්‍රමාණවත් අත්‍යවශ්‍ය පහසුකම් හෝ නොලැබුණු බවට චෝදනා පවතිනවා.

ඇය ශිෂ්‍ය වීසා මත ජපානයට ගොස් තිබූ අතර පසුගිය අගෝස්තු මාසයේ සිට රැඳවුම් භාරයේ පසුවී ඇත්තේ වීසා කාලය ඉක්මවා සිටීම හේතුවෙනුයි.

එවැනි වාතාවරණයක් හමුවේ ජපානය විසින් ගෙන ඒමට යෝජිතව තිබූ නව සංක්‍රමණ පණතින්ද රැඳවුම් භාරයේ සිටින්නන් තවත් පීඩාවන්ට ලක්කෙරෙන බවට ජපාන සමාජය තුළ ප්‍රබල කථිකාවතක් නිර්මාණය වී තිබුණා.

එම තත්වය හමුවේයි පණත් කෙටුම්පත ඉවත් කර ගැනීමට ජපාන රජය සැළසුම් කර ඇත්තේ.

සිඩ්නි ඔලිම්පික් උද්‍යානයේ ගින්නක් නිසා 2500 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

අද ආරම්භ කිරීමට ගිය ඉන්දු ලංකා මගී යාත්‍රා සේවයට බාධාවක්

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

Read More »

විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයයි

නිව්යෝක් නගරයේ නිවසකදී පොලිස් වෙඩි පහරින් 19 හැවිරිදි මානසික ආබාධයක් සහිත තරුණයෙකු මියයාමේ සිද්ධියක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »