
නිව්යෝක් නගරයේ නිවසකදී පොලිස් වෙඩි පහරින් 19 හැවිරිදි මානසික සෞඛ්‍ය ගැටළුවක් සහිත තරුණයෙකු මියයාමේ සිද්ධියක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ලැබුණු හදිසි ඇමතුමකට අනුව අදාළ නිවසට පැමිණි පොලිසිය එම ඇමතුම ලබාදුන් තරුණයාටම ඔහුගේ මව ඉදිරියේ මෙලෙස වෙඩි තබා ඇති බවයි පැවසෙන්නේ.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ එහි සිටි පොලිස් නිලධාරීන් සිරුරේ පැළඳ සිටි කැමරාවල සිදුවීම සටහන් වී ඇති අතර ඒ ඔස්සේ පරීක්ෂණ සිදු කරන බව පොලිසිය අවධාරණය කර තිබෙනවා.

මියගිය තරුණයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් බංග්ලාදේශ සංක්‍රමණිකයන් බව ද අනාවරණ වී ඇතැයි සඳහන්.
පොලිසිය නිවසට ඇතුළු වී විනාඩි දෙකකටත් අඩු කාලයක් තුළ එක් පොලිස් නිලධාරියෙක් ඔහුගේ ගිනි අවියෙන් තරුණයාට අවම වශයෙන් හතර වතාවක් වෙඩි තැබූ බව සඳහන්.

විවේචකයින් පවසන්නේ පොලිසිය මෙවැනි මාරාන්තික බලය යෙදවීම අනවශ්‍ය වන අතර එය විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබිඹු කරන බවයි.
රොසාරියෝ නම් මෙම තරුණයා මානසික ආබාධයක් හේතුවෙන් පසුගිය මාර්තු 27 වනදා හදිසි ඇමතුම් අංශය අමතා ඇති අතර බාල සොහොයුරා සඳහන් කර ඇත්තේ ඔහු කරන ක්‍රියාවන් පිළිබඳ ඔහු ද නොදන්නා බවයි.
මානසික සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දෙමින් සිටියදී පොලිසිය අතින් මිය ගිය පළමු නිව් යෝර්ක් වැසියා රොසාරියෝ නොවන අතර 2007 වසරේ සිට අවම වශයෙන් මානසික සෞඛ්‍ය අර්බුදවලට මුහුණ දෙන නිව්යෝර්ක් වැසියන් 26 දෙනෙකු පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තාවල සඳහන්.