අද ආරම්භ කිරීමට ගිය ඉන්දු ලංකා මගී යාත්‍රා සේවයට බාධාවක්

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඉන්ද්ශ්‍රී ෆෙරි සර්විස් (IndSri Ferry Service) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එස්.නිරංජන් නන්දගෝපන් ප්‍රකාශ කර ඇත්තේ මෙම සේවාව සැලසුම් කර ඇති පරිදි අද ක්‍රියාත්මක නොවුන ද මැයි 17 වනදා ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව ‘සිවගංගෙයි’ මගී යාත්‍රාව මැයි 17 වනදා ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර සේවා ආරම්භ කිරීමට සූදානම් බව ඔහු සඳහන් කළා.

17 වනදා සිට සේවාව ආරම්භ කිරීම සඳහා සියලුම නීතිමය අනුකූලතා සහතික නියමිත වේලාවට නිකුත් කරන බවට බලධාරීන් සහතික වී ඇති බවයි සමාගම නිවේදනය කළේ.

මැයි 13 වනදා ගමන් කිරීමට යාත්‍රාවේ ආසන වෙන්කරවා ගත් මගීන්ට 17 වනදායින් පසු ඕනෑම දිනයක සංචාරය කිරීමට ද හැකි බව සඳහන්.

එසේ නොමැතිව තම ටිකට් පත අවලංගු කිරීමට අවශ්‍ය පාරිභෝගිකයින්ගෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ [email protected] වෙත ඊමේල් පණිවුඩයක් යොමු කරන ලෙසටයි.

අපසුතාවට පත්වූවන්ට සම්පූර්ණ මුදල් ආපසු ගෙවීමක් සිදු කරන බව ද සමාගම ප්‍රකාශ කළා.

2023 වසරේ ජූලි මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයේදී සාකච්ඡා වූ කරුණු අනුව මෙම යාත්‍රා සේවය ආරම්භ වී තිබෙනවා.

ඉදිරියේදී දෙරට අතර විදුලි සම්බන්ධතා, බහුකාර්ය නල මාර්ග සහ ඉඩම් සම්බන්ධතා ඇතුලත් ආර්ථික කොරිඩෝවක් පිහිටුවීම තුලින් ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතා තවදුරටත් වැඩිදියුණු වනු ඇති බව විචාරකයන් පෙන්වා දෙනවා.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »