Search

ජීවිත 300ක් අහිමි කළ ගංවතුර

පසුගිය දින කිහිපය තුළ උතුරු ඇෆ්ගනිස්ථානයට බලපෑම් එල්ල කළ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 300 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

බාඩක්ශාන්, ඝෝර්, භාග්ලාන් සහ හේරට් යන පළාත් සියල්ලම දැඩි ගංවතුරකට මුහුණ දී ඇති අතර නිවාස 2,000 කට ආසන්න සංඛ්‍යාවකට ද හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.

පළාත් හතක් පුරා පැතිර ඇති ගංවතුරේ අවතැන් වූවන් බේරා ගැනීමට සූදානම් වන ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව පැවසුවේ දහස් ගණනක් මිනිසුන් මූලික අවශ්‍යතා සඳහා ප්‍රවේශය නොමැතිව අතරමං වී ඇති බවයි.

මේ වසර ආරම්භයේ හටගත් භූමිකම්පා මාලාවකින් මෙන්ම මාර්තු මාසයේදී ඇති වූ දරුණු ගංවතුරෙන් ද ඇෆ්ගනිස්ථානය පීඩා විඳිමින් සිටින අවස්ථාවකයි මෙම ගංවතුර තත්වය හටගෙන ඇත්තේ.

ගංවතුරින් විපතට පත් පුද්ගලයින් 600,000න් අඩකට වඩා ළමුන් වන අතර, සේව් ද චිල්ඩ්රන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ළමයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට උපකාර කිරීම සඳහා ජංගම සෞඛ්‍ය සහ ළමා ආරක්ෂණ කණ්ඩායම් යොමු කරන බවයි.

ඇෆ්ගනිස්ථානයේ පාලක තලේබාන් සංවිධානය ට්විටර් සටහනක් තබමින් මෙම ගංවතුර තත්වය සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇතැයි ප්‍රකාශ කර තිබෙනවා.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »