පසුගිය වසර පුරා ඔස්ටේ්‍රලියාවේ වැටුප් වැඩිවීම 1.5% යි / වැඩිම ටස්මේනියාවේ – අඩුම ACT – AusLanka TV – Australian News for the Sri Lankan community

පසුගිය වසර පුරා ඔස්ටේ්‍රලියාවේ වැටුප් වැඩිවීම 1.5% යි / වැඩිම ටස්මේනියාවේ – අඩුම ACT

පසුගිය වසර පුරා ඔස්ටේ්‍රලියාවේ වැටුප් වැඩිවීම 1.5% යි / වැඩිම ටස්මේනියාවේ – අඩුම ACT

පසුගිය වසර පුරාම ඔස්ටේ්‍රලියාවේ වැටුප් වැඩිවී ඇත්තේ සියයට 1.5 කින් බව අනාවරණය වී තිබේ.

පසුගිය මාස 03 සැළකූ විට එය සියයට 0 යි දසම 6 ක් බවයි හෙළිවන්නේ.

රාජ්‍ය අංශ සේවකයන්ට වඩා පුද්ගලික සේවකයන්ගේ වැටුප් තල සාපේක්ෂව ඉහළ අගයක පවතින බවයි අනාවරණ වී ඇත්තේ.

විදුලි – ගෑස් – ජල – අපද්‍රව්‍ය – කලා වැනි අංශවල සේවය කරන්නන් අනෙකුත් අංශවලට වඩා අඩු වැටුප් ලබන බවටයි තහවුරු වී ඇත්තේ.

රට පුරා, ටස්මේනියාව ඉහළම කාර්තුමය (සියයට 0.8) සහ වාර්ෂික අනුපාත ඉහළ යාම (සියයට 2.0) වාර්තා කළ අතර ACT අඩුම වාර්ෂික වර්ධන වේගය (සියයට 1.3) වාර්තා කළේ ප්‍රධාන වශයෙන් රාජ්‍ය අංශයේ වැටුප් වර්ධන වේගය මත ය.

ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය නිල වශයෙන් සියයට 5.6 ක් වන අතර එය 2021 මාර්තු දක්වා කාලය තුළ සියයට 0.2 කින් පහත වැටී තිබේ.

2020 ජූලි මාසයේදී වසංගතයේ උච්චතම අවස්ථාව වන විට ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය සියයට 7.5 දක්වා ඉහළ ගොස් ඇති අතර බොහෝ ආර්ථික විද්‍යාඥයින්ගේ මතය වූයේ ජොබ්කීපර් නොමැතිව එම සංඛ්‍යාව ද්වි-ඉලක්කම් (double digit) දක්වා ඉහළ යා හැකි බවයි.