
මුහුදු මාර්ගය ඔස්සේ ඕස්ටේ්‍රලියාවට යෑමේ අරමුණින් හලාවත – ඉරණවිල නිවසක සැඟව සිටි පුද්ගලයින් 29 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඉරණවිල ප්‍රදේශවාසීන්ගේ සහ හලාවත පොලීසියේ සහය ඇතිවයි.
ඊයේ ඉන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉතිරි පිරිස අද අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් අතර යාපනය, මඩකලපුව, මුලතිව්, වැල්ලවාය යන ප්‍රදේශවල පදිංචිකරුවන් සිටිනවා.
එසේම අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ ගමන් මලු තුළ බිස්කට්, ඖෂධ මෙන්ම ඇඳුම් පැළඳුම්ද තිබී ඇති අතර, සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා හලාවත පොලීසිය වෙත භාරදී තිබෙනවා.
