Day: May 14, 2021

ලංකාවේ සිට ඔස්ටේ්‍රලියාවට යාමේදී හෙට සිට PCR පරීක්ෂණයට අමතරව Rapid Antigen පරීක්ෂණයත් අනිවාර්යයි

හෙට සිට ඔස්ටේ්‍රලියාව දක්වා ගමන් ගන්නා ගුවන් මගීන් ක්ෂණික ප්‍රතිදේහ හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට පෙනී සිටීම අනිවාර්ය බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසනවා. කොළඹ ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරන ලද නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව එම නියමය පණවා ඇති බවයි ඔවුන් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ. මේ අනුව ඔස්ටේ්‍රලියාව හෝ ඒ හරහා සංක්‍රමණය වන සංචාරකයින් සඳහා සෘණාත්මක පී සී ආර් ප්‍රතිඵලයක් අවශ්‍ය වන අතර නියමිත පිටත්වීමට පැය 72 ක් හෝ ඊට අඩු කාලයක් තුළ

Read More »

හොර පාරෙන් බෝට්ටුවෙන් ඔස්ටේ්‍රලියා යන්න හැදූ 29 ක් ලංකාවේදී අල්ලයි

මුහුදු මාර්ගය ඔස්සේ ඕස්ටේ්‍රලියාවට යෑමේ අරමුණින් හලාවත – ඉරණවිල නිවසක සැඟව සිටි පුද්ගලයින් 29 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඉරණවිල ප්‍රදේශවාසීන්ගේ සහ හලාවත පොලීසියේ සහය ඇතිවයි. ඊයේ ඉන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉතිරි පිරිස අද අලුයම අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් අතර යාපනය, මඩකලපුව, මුලතිව්, වැල්ලවාය යන ප්‍රදේශවල පදිංචිකරුවන් සිටිනවා. එසේම අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගේ ගමන් මලු තුළ බිස්කට්, ඖෂධ මෙන්ම ඇඳුම් පැළඳුම්ද තිබී ඇති අතර, සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා හලාවත පොලීසිය වෙත

Read More »
PFIZER

වික්ටෝරියා ප්‍රාන්තයේ වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයන්ටද ෆයිසර් එන්නත දීමේ තීරණයක්

වයස අවුරුදු 50 ට අඩු පුද්ගලයන්ටද ෆයිසර් එන්නත දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබේ. ඒ අනුව පහත කාණ්ඩ 04 සඳහා ප්‍රමුඛතාවය හිමිවනු ඇත. වයස අවුරුදු 70 ට වැඩි හෝ විශේෂිත වෛද්‍ය ගේ රැකවරණ තත්වයන් ඇති අය ආබාධිත සේවකයින් සහ රැකබලා ගන්නන් නිශ්චිත සෞඛ්‍ය හෝ මානසික සෞඛ්‍ය තත්වයන් සහිත වැඩිහිටියන් හදිසි හා ආරක්ෂක නිලධාරීන් හෝ මස් / මුහුදු ආහාර සැකසුම් කම්කරුවන් වැනි ඉහළ අවදානම් සේවකයින් පොදු ප්‍රවාහන, කුලී රථ සහ රිය පැදවීමේ රියදුරන් ද මැයි

Read More »

ඔස්ට්‍රේලියාව තුල බරපතල වැරදි කල සරණාගතයින්ට ජීවිතාන්ත සිරදඩුවම්

සරණාගතයින් ලෙස පැමිණ ඔස්ට්‍රේලියාව තුල බරපතල අපරාධ සඳහා වැරදිකරුවන් වූ පුද්ගලයින් සඳහා ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබාදීම සඳහා නව නීති සම්පාදනය කෙරේ. මෙම නීතීන් මගින් ප්‍රධාන වශයෙන් මේ වනවිට රැඳවුම් මධ්‍යස්ථාන වල රැඳී සිටින පිරිස ඉලක්ක කෙරේ. මෙවැනි පුද්ගලයින් ප්‍රජාවට මුදාහැරීම ආරක්‍ෂිත නොවන බව ප්‍රධාන පක්ෂ සඳහන් කොට සිටී. ඔස්ට්‍රේලියාවට ආරක්ෂක අවදානමක් සහිත බරපතල වැරදි සහිත පුද්ගලයින් සඳහා ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබාදෙන අතර මානව හිමිකම් නීති මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ දින නියමයක් නොමැතිව පුද්ගලන් රඳවා තබා ගැනීමට රජයට

Read More »

මෙල්බර්න් ආසාධිතයා නිරෝධායනයට ලක්වූ හෝටලයේ සිටි තවත් වික්ටෝරියා ප්‍රාන්තවාසීන් 06 ක් හඳුනාගනී

මෙල්බර්න් නුවරින් හමුවූ කොවිඩ් ආසාධිතයා නිරෝධායනයට ලක්වූ ඇඩිලේඩ් නුවර Playford හෝටලයේ ඔහුත් සමග නවාතැන් ගෙන සිටි තවත් වික්ටෝරියා ප්‍රාන්තවාසීන් 06 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඔවුන් මේ වනවිට මෙල්බර්න් ඇතුලු තදාසන්න ප්‍රදේශවල සිටින අතර වහා නිරෝධායනයට යොමුවන ලෙසටයි සෞඛ්‍ය අංශ විසින් දන්වා ඇත්තේ. මොවුන් සියලු දෙනා ඉන්දියාවේ සිට පැමිණ ඇඩිලේඩ් හි Playford හෝටලයේ නිරෝධායනයට ලක්වූවන් බව සඳහන්. මෙල්බර්න් ආසාධිතයා නගරයේ පිහිටා ඇති ඉන්දීය අවන්හල් රැසකට ගොස් ඇති අතර එම කිසිදු ස්ථානයක QR කේත ක්‍රමය ක්‍රියාත්මක වී නොමැති

Read More »