මෙල්බර්න් ආසාධිතයා නිරෝධායනයට ලක්වූ හෝටලයේ සිටි තවත් වික්ටෝරියා ප්‍රාන්තවාසීන් 06 ක් හඳුනාගනී

මෙල්බර්න් නුවරින් හමුවූ කොවිඩ් ආසාධිතයා නිරෝධායනයට ලක්වූ ඇඩිලේඩ් නුවර Playford හෝටලයේ ඔහුත් සමග නවාතැන් ගෙන සිටි තවත් වික්ටෝරියා ප්‍රාන්තවාසීන් 06 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඔවුන් මේ වනවිට මෙල්බර්න් ඇතුලු තදාසන්න ප්‍රදේශවල සිටින අතර වහා නිරෝධායනයට යොමුවන ලෙසටයි සෞඛ්‍ය අංශ විසින් දන්වා ඇත්තේ.

මොවුන් සියලු දෙනා ඉන්දියාවේ සිට පැමිණ ඇඩිලේඩ් හි Playford හෝටලයේ නිරෝධායනයට ලක්වූවන් බව සඳහන්.

මෙල්බර්න් ආසාධිතයා නගරයේ පිහිටා ඇති ඉන්දීය අවන්හල් රැසකට ගොස් ඇති අතර එම කිසිදු ස්ථානයක QR කේත ක්‍රමය ක්‍රියාත්මක වී නොමැති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව වහාම බල පැවැත්වෙන පරිදි QR කේත ක්‍රමය ක්‍රියාත්මක නොවන ව්‍යාපාරික ස්ථාන සඳහා දඩ පැණවීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය ඊයේ තීරණය කලා.

වික්ටෝරියා ප්‍රාන්තයේ QR Codes නියමයන් උල්ලංඝනය කරන ව්‍යාපාර ආයතනවලට දඩ

 

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »