ලංකාවේ සිට ඔස්ටේ්‍රලියාවට යාමේදී හෙට සිට PCR පරීක්ෂණයට අමතරව Rapid Antigen පරීක්ෂණයත් අනිවාර්යයි

හෙට සිට ඔස්ටේ්‍රලියාව දක්වා ගමන් ගන්නා ගුවන් මගීන් ක්ෂණික ප්‍රතිදේහ හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකට පෙනී සිටීම අනිවාර්ය බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසනවා.

කොළඹ ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරන ලද නවතම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව එම නියමය පණවා ඇති බවයි ඔවුන් නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙන්නේ.

මේ අනුව ඔස්ටේ්‍රලියාව හෝ ඒ හරහා සංක්‍රමණය වන සංචාරකයින් සඳහා සෘණාත්මක පී සී ආර් ප්‍රතිඵලයක් අවශ්‍ය වන අතර නියමිත පිටත්වීමට පැය 72 ක් හෝ ඊට අඩු කාලයක් තුළ එම වාර්තාව ගුවන් සමාගමට ඉදිරිපත් කළ යුතුයි.

මීට අමතරව, ඔස්ටේ්‍රලියාවට පිටත් වීමට පෙර ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ ප්‍රතිඵලයක් ද අවශ්‍ය වන අතර ගුවන් ගමන සඳහා නියමිත පිටත්වීමට පැය 8 ක් හෝ ඊට අඩු කාලයක් තුළ එම පරීක්ෂණයේ ප්‍රතිඵල ගුවන් සමාගමට ඉදිරිපත් කළ යුතු වනවා.

විද්‍යුත් තැපෑල හරහා හෝ මුද්‍රිත පිටපතක් මගින් ගුවන් ගමන් පරීක්ෂාවට පෙර එය ඉදිරිපත් කළ යුතු බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම දන්වා සිටින්නේ.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »