ගොඩගැසී ඇති Partner visa අයදුම්පත් ඉක්මණින් සලකා බැලීමට ඔස්ට්‍රේලියා රජයේ අවධානය

ඔස්ට්‍රේලියාව තුළ වෙසෙන අයදුම්කරුවන් ගේ වීසා අයදුම්පත් ප්‍රධාන වශයෙන් සලකා බැලීමටත් ගොඩගැසී ඇති partner visa අයදුම්පත් ඉක්මණින් සලකා බැලීමටත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව Skill හෙවත් නිපුණතා වීසා ධාරාවේ වීසා 79,600 ක් ද Family ධාරාවේ වීසා 77,300 ක්ද විශේෂ සුදුසුකම් යටතේ වීසා 100 ක්ද Child වීසා 3,000 ක්ද 2021/22 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කෝටාවට ඇතුළත් වේ.

ඊට අමතරව humanitarian හෙවත් මානුෂීය වීසා වැඩසටහන යටතේ 2021/22 මුල්‍ය වර්ෂය සඳහා වීසා 13,750 ක් ලබා දීමටද සැලසුම් කර තිබේ.

ඔස්ට්‍රේලියානු දේශ සීමා තවමත් වසා දැමීම හේතුවෙන් 2021/22 මුල්‍ය වර්ෂය සඳහා  77,000 ක් ලෙස කලින් පුරෝකතනය කර තිබූ Net overseas migration numbers හෙවත් ශුද්ධ විදේශීය සංක්‍රමණ සංඛ්‍යාව ඊට වඩා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

(SBS)

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »

ඔස්ට්‍රේලියාව තුළ සේවය කළ විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙක් පිටුවහල් කෙරෙයි

ඔස්ට්‍රේලියාව තුළ සේවයේ යෙදී සිටි විදෙස් ඔත්තු කරුවන් දෙදෙනෙකු නීතියේ රැහැණට හසු කර ගැනීමට බුද්ධි අංශ සේවා වලට හැකිව තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »