ඔස්ට්‍රේලියානුවන් අතර වඩාත් ජනප්‍රිය මෝටර් රථ 10 නම් කෙරෙයි

අප්‍රේල් මස වාහන විකුණුම් වාර්තා අනුව ඔස්ට්‍රේලියානුවන් අතර වඩාත් ජනප්‍රිය මෝටර් රථ 10 නම් කර තිබෙනවා.

 

ෆෙඩරල් වාණිජ මණ්ඩලයේ දත්තවලට අනුව අප්‍රේල් මාසයේදී ඔස්ට්‍රේලියාවේ මොටර් රථ 97202ක්අලෙවි ව ඇති බවයි වාර්තා වන්නේ. 

 

එය 2023 වසරේ එම දත්ත හා සැසඳීමේ දි එම අගය 50515ක වැඩිවීමක් බව සඳහන්.

 

ඔස්ට්‍රේලියානුවන් අතර වඩාත් ජනප්‍රියම මෝටර් රථය ලෙස Toyota RAV4 නම් කර තිබෙනවා.

 

අප්‍රේල් මස පමණක් Toyota RAV4 වාහන 5857ක් අලෙවි ඇති බව සදහන්.

 

එම ශ්‍රේණිගත කිරීමේ දෙවන ස්ථානය Ford Ranger වාහන මාදිලිය හිමිකරගෙන ඇති අතර අප්‍රේල් මස පමණක් එම වාහන 5569ක් අලෙවි වූ බවයි වාර්තා වන්නේ.

 

Toyota Hilux මෝටර් රථ මාදිලිය ඔස්ට්‍රේලියානුවන් අතර වඩාත් ජනප්‍රිය වාහන අතර තුන්වන තැන හිමිකරගෙන තිබෙන අතර වාහන 4693ක් පසුගිය මසදී අළෙවි වූ බව සදහන්.

 

තවද එම ශ්‍රේණිගත කිරීමේ Ford Everest රථයට හිමි වන්නේ සිව්වන ස්ථානය වන අතර පිළිවෙලින් Isuzu Ute D-Max සහ Toyota Corolla එම ශ්‍රේණිගත කිරීමේ පස්වන සහ හයවන ස්ථානය හිමිකරගෙන තිබෙනවා.

 

අප්‍රේල් මස වාහන 1970ක් අලෙවි කිරීමෙන් Toyota Landcruiser රථයට හිමිව ඇත්තේ 7වන ස්ථානයයි.

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »