මෙල්බන් සාප්පු සංකීර්ණයක යළිත් තියුණු ආයුධයක් සහිත පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙල්බන් හි වෝටර්ගාර්ඩන්ස් සාප්පු මධ්‍යස්ථානයට පිහියක් අතැතිව කලහකාරීව හැසිරුණු පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

එම සාප්පු මධ්‍යස්ථානයේම වෙළෙඳ සැළකින්ම පිහියක් මිලදී ගෙන පාරිභෝගිකයින්ට තර්ජනය කළඇති බවයි වාර්තා වන්නේ. 

 

සිද්ධියෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති අතර සැකකරු මෙල්ල කිරීමට පොලීසිය සමත්ව තිබුණා.

 

ඊයේ මධ්‍යහන 12.30ට පමණ සාප්පු මධ්‍යස්ථානය තුළ සිටි 21 හැවිරිදි තරුණයෙකුට සහ 20 හැවිරිදි කාන්තාවකට තර්ජනය කිරීමට තියුණු ආයුධය භාවිත කර ඇති බවයි වාර්තා වන්නේ.

 

මහජනතාවගේ සහය ඇතිව එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිවු බව වික්ටෝරියා පොලීසිය වැඩිදුරයත් සඳහන් කළා.

 

මෑත කාලිනව ඔස්ට්‍රේලියාවේ විවිධ නගර ආශ්‍රිත පිහි ඇණුම් ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ලක් නිර්මාණයවී ඇති අතර ජනතාව ද ඒ පිළිබඳ විමසිල්ලෙන් පසුවන බව වැඩිදුරටත් සඳහන්.

 

සිද්ධිය සිදුවනවාත් සමගම එහි වු මහජනතාව වික්ටෝරියා ගිලන් රථ සේවා සඳහා දැනුම් දී එම ස්ථානයට කැඳවනු ලැබූ නමුත් හදිසි ප්‍රතිකාර අවශ්‍ය නොවු බව සඳහන්.

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »