මව්බිමට යාමට සිටින ඔබට නිරෝධායනයේ වෙනසක් ගැන වැදගත් පණිවිඩයක්

කොවිඩ් එන්නත්කරණයට පූර්ණව ලක්ව සිටින්නන් ඇතුලුව ශ්‍රී ලංකාවට පැමිණෙන සියල්ලන් වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට දින 14 ක නිරෝධායනයට යොමු කිරීම අනිවාර්ය කර තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නියමයක දැක්වෙන්නේ විදෙස්ගතව සිට පැමිණෙන සියලූ ශ්‍රී ලාංකිකයින්, ද්විත්ව පුරවැසියන්, සංචාරකයින්, විදේශිකයන් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඊට යටත් වන බවයි.

වයස අවුරුදු 12 ට වැඩි සියල්ලන් රටට පැමිණි පළමු දිනයේදී පී සී ආර් පරීක්ෂණයකට යොමුවීම අනිවාර්ය වනවා.

එමෙන්ම දින 11 ත් 14 ත් අතර කාලයේදී ඔවුන් දෙවන පී සී ආර් පරීක්ෂණයට යොමු විය යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කල නිවේදනයේ දක්වා ඇත්තේ.

එහිදී සෘණාත්මක පී සී ආර් පරීක්ෂණයක් ප්‍රථිඵලයක් ලැබුණහොත් පමණක් ඔවුන් නිරෝධායනයෙන් මුදා හැරිය යුතු බවයි එහි සඳහන් වන්නේ.

මෙලෙස නිරෝධායනයට ලක්වන්නන් කොවිඩ් ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් යැයි හඳුනාගත හොත් ඔවුන්ගේ නිරෝධායන කාල සීමාව දීර්ඝ කල හැකියි.

මෙම නියමයන් ලබන 31 වනදා දක්වා බලාත්මක වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ.

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »

මෙවර ෆෙඩරල් අයවැයෙන් සංක්‍රමණිකයන්ට සහන රැසක්

සංක්‍රමණික සහ සරණාගත ජනාවාස සේවා සඳහා ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම මුල්‍ය වර්ෂයේ සිට වසර පහක් තුළ රජය ඩොලර් මිලියන 120.9ක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »