Day: May 12, 2021

කුරියර් හරහා ඔබත් මව්බිමට යැවූ iPhone එක නැතිවුණාද ? මහා පරිමාණ ජාවාරමේ සුලමුල හෙළිවෙයි

කුරියර් සේවාවන් හරහා විදෙස් සමාගම් වෙතින් පුද්ගලයන්ට ලැබෙන ජංගම දුරකථන වංචනිකව ලබාගැනීමේ ජාවාරමක් හෙළිකර ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. සිද්ධියට අදාළව සැකකරුවන් 6 දෙනෙකු සහ සොරකම් කළ දුරකථන 16ක් ද සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ. ලොව සෑම රටකම ව්‍යාප්ත වී ඇති කුරියර් සමාගමක් හරහා පුද්ගලයෙකුට එවූ දුරකථනයක් කටුනායක ගුවන්තොටුපලට ලැබීමෙන් පසු අතුරුදන්වීමක් පිළිබඳ ගුවන්තොටුපල පොලිසියට ලැබීමෙන් අනතුරුවයි මේ පිළිබඳ විමර්ශණ ආරම්භ කරනු ලැබුවේ. එහිදී සිදුකළ වැඩිදුර විමර්ශණවලදී හෙළිවී ඇත්තේ පසුගිය

Read More »

මව්බිමට යාමට සිටින ඔබට නිරෝධායනයේ වෙනසක් ගැන වැදගත් පණිවිඩයක්

කොවිඩ් එන්නත්කරණයට පූර්ණව ලක්ව සිටින්නන් ඇතුලුව ශ්‍රී ලංකාවට පැමිණෙන සියල්ලන් වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට දින 14 ක නිරෝධායනයට යොමු කිරීම අනිවාර්ය කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති නියමයක දැක්වෙන්නේ විදෙස්ගතව සිට පැමිණෙන සියලූ ශ්‍රී ලාංකිකයින්, ද්විත්ව පුරවැසියන්, සංචාරකයින්, විදේශිකයන් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඊට යටත් වන බවයි. වයස අවුරුදු 12 ට වැඩි සියල්ලන් රටට පැමිණි පළමු දිනයේදී පී සී ආර් පරීක්ෂණයකට යොමුවීම අනිවාර්ය වනවා. එමෙන්ම දින 11 ත් 14

Read More »
Guangzhou Flight Arrives In Perth As Australia Issues Entry Restrictions On Foreign Nationals AIR PORT

Update: ලංකාවේ සිට ඔස්ටේ්‍රලියාව දක්වා ගුවන් ගමන් අත්හිටුවන තීරණය අවලංගුයි

ශ්‍රී ලංකාවේ සිට ඔස්ටේ්‍රලියාව / සිංගප්පූරුව / ඉතාලිය දක්වා ගුවන් ගමන් අත්හිටුවීමට ගෙන තිබූ තීරණය අවලංගු කර තිබේ. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස පැවසුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වා සිදු කෙරෙන ගුවන් ගමන් පමණක් මේ වනවිට ක්‍රියාත්මක නොකෙරන බවයි. කෙසේවෙතත් අද පෙරවරුවේ ගුවන් තොටුපළ බළධාරීන් නිවේදනය කලේ ඔස්ටේ්‍රලියාවද ඇතුලු රටවල් 05 කට ශ්‍රී ලංකාවේ සිට ගුවන් ගමන් සිදුකිරීම ලබන 31 වනදා දතක්වා අත්හිටුවා ඇති බවයි. මේ වනවිට එම තීරණය සංශෝධනය කර තිබේ.

Read More »

ක්වන්ටාස් ජාත්‍යන්තර ගුවන් ගමන් දෙසැම්බර් දක්වා කල් යයි

ලබන ඔක්තෝබර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ගුවන් ගමන් මාස 02 කින් කල් දැමීමට ක්වන්ටාස් ගුවන් සමාගම තීරණය කර තිබේ. මේ අනුව දෙසැම්බර් අගභාගය දක්වා එය කල් දැමීමට සිදුවී ඇති බවයි එම සමාගම නිවේදනය කලේ. ඔස්ටේ්‍රලියාව තුළ එන්නත්කරණ වැඩපිළිවෙල අපේක්ෂිත ඉලක්ක මේ දක්වා ළගා කර නොගැනීම මීට හේතුවී තිබෙනවා. එමෙන්ම 2022 වසර දක්වා ඔස්ටේ‍රලියාවේ දේශ සීමා විවෘත නොකරන බවට රජය විසින් මේ වනවිට නිල ප්‍රකාශයක් සිදුකිරීමද ගුවන් ගමන් ඇරඹීම ප්‍රමාදයට හේතුවී ඇති බවයි ක්වන්ටාස්

Read More »

ලංකාවේ සිට ඔස්ටේ්‍රලියාව ඇතුලු රටවල් 05 කට අද සිට යන්න බෑ – එන්න පුලුවන්

ශ්‍රී ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යෑම අද අලූයම සිට අත්හිටුවා තිබෙනවා. ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සඳහන් කලේ එම රටවල් විසින් ශ්‍රී ලංකාවෙන් පැමිණෙන ගුවන් යානාවලට තහණමක් පණවා තිබීම ඊට හේතුව බවයි. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය / සිංගප්පූරුව / ඉතාලිය / පිලිපීනය සහ ඔස්ටේ‍රලියාව වෙත ගුවන් මගීන් රැගෙන යෑම අත්හිටුවා තිබෙනවා. එහෙත් එම රටවල සිට තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ගුවන් මගීන්ට පැමි”මට අවසර හිමිවනවා. මෙලෙස ගුවන් මගීන් රැගෙන

Read More »