
ශ්‍රී ලංකාවේ සිට රටවල් 05 කට ගුවන් මගීන් රැගෙන යෑම අද අලූයම සිට අත්හිටුවා තිබෙනවා.
ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම සඳහන් කලේ එම රටවල් විසින් ශ්‍රී ලංකාවෙන් පැමිණෙන ගුවන් යානාවලට තහණමක් පණවා තිබීම ඊට හේතුව බවයි.
ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය / සිංගප්පූරුව / ඉතාලිය / පිලිපීනය සහ ඔස්ටේරලියාව වෙත ගුවන් මගීන් රැගෙන යෑම අත්හිටුවා තිබෙනවා.

එහෙත් එම රටවල සිට තවදුරටත් ශ්‍රී ලංකාව වෙත ගුවන් මගීන්ට පැමි”මට අවසර හිමිවනවා.
මෙලෙස ගුවන් මගීන් රැගෙන යෑම අත්හිටුවා ඇති රටවල් වෙත ගුවන් භාණ්ඩ රැගත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා ශ්‍රී ලංකාවේ සිට පිටත්ව යාමට තවදුරටත් අවස්ථාව පවතින බවද ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම කියාසිටියා.

COMMENTS