
දැනට ඉන්දියාවේ සිරවී සිටින ඔස්ටේරලියානුවන් ගෙන්වා ගැනීම් ගුවන් වාර ලබන 15 වනදා සිට ආරම්භ කරන බව ඔස්ටේ්‍රලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසනවා.
පළමුවෙන් ගුවන් යානා 03 කින් 900 දෙනෙකු ගෙන්වා ගැනෙන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී අගමැතිවරයා කියාසිටියේ.
වඩාත් අවධානම් කාණ්ඩයේ සිටින පිරිසක් ඊට අයත්.

ඔවුන් රටට ගෙන ඒමෙන් පසු Northern Territory පිහිටා ඇති Howard Springs නිරෝධායන මධ්‍යස්ථානය කරා ගෙන යාමට නියමිතයි.
ඔස්ටේ්‍රලියානුවන් 9000 කට ආසන්න පිරිසක් දැනට ඉන්දියාව තුළ සිරවී සිටින්නේ එරටින් ගුවන් යානා ගෙන්වීම ලබන 15 වනදා දක්වා තහණම් කිරීමට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් විසින් දැඩි තීන්දුවක් ගැනීම හේතුවෙනුයි.

එහෙත් එය පාර්ශව දැඩි දෝෂ දර්ශනයට ලක්වු අතර අධිකරණය හමුවේ අභියෝගයට පවා ලක් කෙරුණා.