මෙල්බර්න් ඇතුලු නගරවල පොදු නිවාස සංකීර්ණ කඩා දැමීමේ සැලසුමක්

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ඇතුලු විශාලතම නගරවල පිහිටි පොදු නිවාස සංකීර්ණ 44ක් කඩා දැමීමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

1960 ගණන්වල පොදු නිවාස යෝජනා ක්‍රම යටතේ ඉදිකරන ලද මෙම නිවාස සංකීර්ණ පිළිබඳ මෙල්බර්න් හි නිවාස මිල ගණන් අඛණ්ඩව ඉහළ යන අවස්ථාවක දේපල සංවර්ධකයින්ගේ වැඩි අවධානයට ද ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

වික්ටෝරියා රජය විසින් 2023 සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද නව සැලැස්ම ඔස්ට්‍රේලියාවේ විශාලතම නාගරික ප්‍රදේශ අලුත් කිරීමේ ව්‍යාපෘතියක් ලෙසට නම් කර තිබෙනවා.

සමස්තයක් වශයෙන් මෙම මෙම නිවාස කඩා ඉවත් කිරීමේ යෝජනා ක්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයින් 10,000කට පමණ නැවත වෙනත් ස්ථානවල පදිංචි වීමට සිදුවී ඇති බවයි පැවසෙන්නේ.

මෙම සැලසුම් පිළිබඳ ප්‍රාන්ත රජයට එරෙහිව නිවාස හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු ගොනු කර ඇති අතර ඉන් එක් නඩුවක් හෙට විභාග කිරීමට ද නියමිතයි.

මෙවර ෆෙඩරල් අයවැයෙන් සංක්‍රමණිකයන්ට සහන රැසක්

සංක්‍රමණික සහ සරණාගත ජනාවාස සේවා සඳහා ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම මුල්‍ය වර්ෂයේ සිට වසර පහක් තුළ රජය ඩොලර් මිලියන 120.9ක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

සිඩ්නිහි ප්‍රසිද්ධ නීතිඥවරයෙක් පොලිස් අත්අඩංගුවට

ලිංගික අපයෝජනයට ලක්වූ අයෙකුගේ විස්තර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් සිඩ්නිහි අපරාධ නඩු සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

සුනඛ සුරතලුන්ගේ හිමිකරුවන්ට නීති දැඩි වෙයි

සුනඛයන් සහ බළලුන් කළමනාකරණ පනතේ නව ප්‍රතිසංස්කරණ යටතේ දකුණු ඔස්ට්‍රේලියාවේ සුනඛ සපා කෑම් සහ ප්‍රහාර සඳහා වන දඩුවම් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »