2023 වසරේදී වංචා නිසා ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 2.7ක් අහිමි වෙයි

2023 වසරේදී ඔස්ට්‍රේලියානුවන්ට වංචා හේතුවෙන් ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බව පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නවතම වාර්තාවක් මගින් හෙළි කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන් පසුගිය වසරේ වංචා 600,000කට වඩා වැඩි ප්‍රමාණයකට හසුවී ඇති ඇති අතර එමගින් සමස්තයක් ලෙස ඩොලර් බිලියන 2.7ක් අහිමි වී ඇති බවයි වාර්තාවල දැක්වෙන්නේ.

මෙවැනි වංචාවලින් වැඩිම පාඩු ලබා ඇත්තේ වැඩිහිටි පුද්ගලයින් වන අතර සමාජ මාධ්‍ය මගින් සිදු වන වංචාවල කැපී පෙනෙන වර්ධනයක් ඇති බව ඔස්ට්‍රේලියා පාරිභෝගික නිරීක්ෂණ ආයතන වාර්තාව පෙන්වා දෙනවා.

2022 වසරේදී වාර්තා වූ වංචා 507,000 සිට 2023 වන විට වංචා පිළිබඳ වාර්තා 601,000 කට වඩා වැඩි ප්‍රමාණයක් ලැබී ඇතැයි සඳහන්.

මෙම වංචා අතර ආයෝජන වංචා වැඩි වශයෙන් පවතින අතර එමඟින් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියන 1.3කට වඩා පාඩු සිදු වී ඇති බව වාර්තාව ප්‍රකාශ කළා.

වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයින් අනෙක් වයස් කාණ්ඩවල අයට වඩා මුදල් අහිමි කර ගැනීමේ සම්භාවිතාව වැඩි අතර 2022ට වඩා 2023 දී වැඩි මුදලක් අහිමි වූ එකම වයස් කාණ්ඩය ද එයයි.

පාරිභෝගික නිරීක්ෂණ ආයතනයේ නියෝජ්‍ය සභාපති කැට්‍රියෝනා ලෝ පැවසුවේ වංචාකරුවන්, ආයෝජන අවස්ථා සොයන විශ්‍රාම ඉතුරුම් සහිත වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් ඉලක්ක කර ගන්නා බවයි.

මෙවැනි වංචා සහ මුල්‍යමය පාඩු ඉතා ඉහළ මට්ටමක පවතින අතර වංචාකරුවන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසට සහ සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳ දැනුම් දෙන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »