
විදෙස් සංචාරකයන් වෙනුවෙන් ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා වසා තැබීම ලබන වසර තුළදීද එලෙසින්ම පවතිනු ඇති බවට අනාවැකි පළවනවා.
ලොව පුරා රටවල් රැසක කොවිඩ් තත්වය දිනෙන් දිනම දරුණු අතට පත්වීමයි ඊට හේතුව වන්නේ.
මුදල් අමාත්‍ය සයිමන් බර්මින්හැම් පැවසුවේ දේශ සීමා වසා තැබිය යුතුය යන්න මහජනතාවගේද මතය වන බවයි.

මේ අනුව විදෙස් සංචාරවල නිරතවීමේ ඔස්ටේ්‍රලියානුවන්ගේ බලාපොරොත්තුද තවත් වසරකින් පමණ ඈතට දිවෙනු ඇති.
මේ අතර එන්නත්කරණය කඩිනමින් ප්‍රගතියක් අත්කරගත හොත් විදෙස් සංචාර සංකල්පය ඉක්මණින් යථාර්ථයක් වනු ඇති බවද මුදල් අමාත්‍යවරයා කියාසිටියා.
