Search

Townsville වරායට ආ නැවකින් පැන්න පකිස්ථානුවා අල්ලයි – දේශපාලන රැකවරණ ඉල්ලලා

Townsville වරායට ආ නෞකාවකින් පැමිණ නිරෝධායන නීති උල්ලංඝනය කර පළා ගිය පකිස්ථාන ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබේ.

චීනයේ සිට ආ Polaris 3 නම් නෞකාවෙන් මොහු පැමිණ තිබුණේ පසුගිය සෙනසුරාදා දිනයේදීයි.

ඔහු නැවෙන් පිටතට පැන ඇති බවටයි වාර්තා වන්නේ.

අනතුරුව ඔහු සෙවීමට ක්වීන්ස්ලන්ඩ් පොලිසිය හා සෞඛ්‍ය අංශ මෙන්ම ඔස්ටේ්‍රලියානු දේශ සීමා ආරක්ෂණ බළධාරීන්ද පුලුල් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කලා.

මොහු ඇතුලු තවත් නෞකා කාර්ය මණ්ඩල සාමාජිකයන් 11 දෙනෙකු දේශපාලන රැකවරණ අපේක්ෂාවෙන් සිටින අතර නැවත නෞකාවට යෑම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම පිරිසට නිකුත් කර තිබූ වීසා බලපත් වහාම ක්‍රියාත්මක වන පරිසි අවලංගු කල බව ඔස්ටේ්‍රලියානු ආගමන විගමන අංශ කියාසිටියා.

ඔස්ට්‍රේලියාවේ කිඹුලන් ඇති ගඟක දරුවා සමග මසුන් අල්ලන ඡායාරූපයකට විවේචන

ඔස්ට්‍රේලියාවේ බහුල කිඹුල් ගහණයක් ඇති ගංගාවක දරුවා සමග මසුන් අල්ලන වැඩිහිටියෙකුගේ ඡායාරූපයක් අන්තර්ජාලය ඔස්සේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. 

Read More »

රියදුරන්ට Claims ලබාගැනීමට ජූනි 30 තෙක් අවස්ථාව

නිව් සවුත්වේල්ස් මෝටර් රථ හිමියන්ට ලබාදුන් ඩොලර් මිලියන 130 ප්‍රතිලාභ ලබාගැනීමට තවමත් ඉදිරිපත් වී නැතැයි ප්‍රාන්ත ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා.

Read More »

Steve Smith ශෛල්‍යකර්මයට බෑ කියයි

පසුගියදා ලෝඩ්ස්හිදී පැවති තීරණාත්මක තරඟයකදී ඔස්ට්‍රේලියා දක්ෂ මැද පෙළ පිතිකරු ස්ටීව් ස්මිත්ගේ දකුණු කුඩා ඇඟිල්ලට තුවාල සිදුවුණා. 

Read More »