Day: May 3, 2021

තිසර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඒ පිළිබදව ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. පන්දු වාර විස්ස සහ එක්දින තරඟවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයෙකු ලෙස කටයුතු කළ ඔහු ටෙස්ට් පිටියට සමුදුන්නේ 2016 වසරේදියි. 2014 වසරේ පන්දු වාර 20 ලෝක කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීම සඳහා තිසර පෙරේරාගේ තුන් ඉරියව් ක්‍රීඩා විලාශය ද ඉවහල් වුණා. එක්දින තරඟ 166කදී

Read More »

සෙල්ලම් බඩුවක් නිසා Gold Coast හි 06 හැවිරිදි දරුවෙකු මරුට

SeaWorld මගින් මිළයට ගත් කුඩා පෙන්ගුයින් සෙල්ලම් භාණ්ඩයක් සම්බන්ධ අනතුරක් හේතුවෙන් අසාධ්‍ය තත්වයේ සිටි 06 හැවිරිදි දරුවෙකු මියගොස් තිබේ. Deklan Labington-MacDonald නම් මෙම දරුවා Anzac දිනයේදී අනතුරට මුහුණ පා තිබිණ. ඔහු මෙතෙක් ක්වීන්ස්ලන්ඩ් ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. දරුවාට අවශ්‍ය සැත්කමක් කිරීම වෙනුවෙන් ඩොලර් 1400 ක මුදලක්ද එක් රැස් කර තිබිණ. සිද්ධිය සම්බන්ධයෙන් Gold Coast හි SeaWorld ළමා උද්‍යානයද දැඩි කණගාටුව පළ කලේය.  

Read More »

KFC / McDonald’s හා Hungry Jack අවන්හල් 100 ක් අවධානම් ස්ථාන ලෙස නම් කෙරේ

කොවිඩ් ආසාධිතයන් සහ ආශ්‍රිතයන් ගමන් කල බවට තහවුරු කර ගැනීමත් සමග පර්ත් නගරයේ තවත් ස්ථාන 100 කට ආසන්න සංඛ්‍යාවක් අවධානම් ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙනවා. KFC / McDonald’s හා Hungry Jack යන අවන්හල් ද ඒ අතර වන බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. මේ අනුව පහත දැක්වෙන ස්ථානවල ඒ අදාළ කාලසීමාවලදී කිසියම් අයෙකු සිටියේ නම් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවිය යුතු බවට දැනුම් දෙනවා. https://healthywa.wa.gov.au/COVID19locations

Read More »

Townsville වරායට ආ නැවකින් පැන්න පකිස්ථානුවා අල්ලයි – දේශපාලන රැකවරණ ඉල්ලලා

Townsville වරායට ආ නෞකාවකින් පැමිණ නිරෝධායන නීති උල්ලංඝනය කර පළා ගිය පකිස්ථාන ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබේ. චීනයේ සිට ආ Polaris 3 නම් නෞකාවෙන් මොහු පැමිණ තිබුණේ පසුගිය සෙනසුරාදා දිනයේදීයි. ඔහු නැවෙන් පිටතට පැන ඇති බවටයි වාර්තා වන්නේ. අනතුරුව ඔහු සෙවීමට ක්වීන්ස්ලන්ඩ් පොලිසිය හා සෞඛ්‍ය අංශ මෙන්ම ඔස්ටේ්‍රලියානු දේශ සීමා ආරක්ෂණ බළධාරීන්ද පුලුල් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කලා. මොහු ඇතුලු තවත් නෞකා කාර්ය මණ්ඩල සාමාජිකයන් 11 දෙනෙකු දේශපාලන රැකවරණ අපේක්ෂාවෙන් සිටින අතර නැවත නෞකාවට යෑම ප්‍රතික්ෂේප කර

Read More »

ක්වන්ටාස් Mystery Flights නැවතත්

Mystery Flights හෙවත් ගමනාන්තය නොදන්නා ගුවන් ගමන් ක්වන්ටාස් ගුවන් සේවය විසින් නැවතත් ආරම්භ කර තිබේ. ගුවන් යානයට ගොඩවන තෙක් එසේත් නොමැති නම් ගොඩ බස්වන තුරු ගමනාන්තය මගීන් විසින් නොදැනුවත්ව සිටීමයි මෙහි ඇති විශේෂත්වය වන්නේ. දැනට අඩාලවී ඇති සංචාරක සහ ගුවන් සේවා කර්මාන්තය යළි නගා සිටුවීමේ අරමුණ ඇතිවයි ක්වන්ටාස් ගුවන් සේවය මෙම වැඩපිළිවෙල ආරම්භ කරනු ලැබුවේ. ඒ සඳහා ඉහළ ප්‍රතිචාර ලැබී ඇති බවයි ක්වන්ටාස් සමාගම නිවේදනය කලේ.

Read More »