තිසර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

ඒ පිළිබදව ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

පන්දු වාර විස්ස සහ එක්දින තරඟවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයෙකු ලෙස කටයුතු කළ ඔහු ටෙස්ට් පිටියට සමුදුන්නේ 2016 වසරේදියි.

2014 වසරේ පන්දු වාර 20 ලෝක කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීම සඳහා තිසර පෙරේරාගේ තුන් ඉරියව් ක්‍රීඩා විලාශය ද ඉවහල් වුණා.

එක්දින තරඟ 166කදී ලකුණු 2338ක් ලබාගෙන ඇති ඔහු කඩුලු 175ක් බිද හෙලීමට සමත්ව ඇති අතර පන්දු වාර 20 තරඟ 84කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබෙනවා.

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »

යුද විරුවන් සමරන ANZAC දිනය වෙනුවෙන් සැමරුම් වැඩසටහන් රැසක්

දෙවන ලෝක යුද සමයේදී සහ අනෙකුත් යුද ගැටුම්වලදී මියගිය ඔස්ට්‍රේලියා සහ නවසීලන්ත රණවිරුවන් සමරන ඇන්සක් (ANZAC) දිනය අදට යෙදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »