පලස්තීනයේ ඉල්ලීම වෙනුවෙන් ඔස්ට්‍රේලියාව ඡන්දය ලබාදෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පලස්තීන රාජ්‍යයට නව අයිතීන් ලබා දීමට සහ සාමාජිකත්වය ස්ථිර කිරීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේදී ඔස්ට්‍රේලියාව පක්ෂව ඡන්දය භාවිත කර තිබෙනවා.

පලස්තීනයට අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලබාදීමේ යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී 143ට 9 ලෙස අති බහුතරයකින් සම්මත වූ අතර රටවල් 25ක් ඡන්දය දීමෙන් වැලකී සිටි බව සඳහන්.

මේ අනුව ජගත් සංවිධානයේ 194 වැනි සාමාජිකයා වීමට කළ ඉල්ලීම නැවත සලකා බලන ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයෙන් කළ ඉල්ලීම පිළිබඳ තීරණයක් ගැනෙනු ඇති.

ගාසා තීරයේ මානුෂීය සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කිරීම සඳහා සහාය දීමෙන් පසුව ඔස්ට්‍රේලියාව ලබාදුන් මෙම ඡන්දය පලස්තීනයට සහය දැක්වීම වඩාත් හොඳින් ප්‍රදර්ශනය කෙරෙන බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය යටතේ අනාගත සාමාජිකයින් සාමයට ලැදි විය යුතු අතර ආරක්ෂක මණ්ඩලය විසින් ඔවුන් ඇතුළත් කර ගැනීමේ අවසාන අනුමැතිය මහා මණ්ඩලයට නිර්දේශ කළ යුතුයි.

පලස්තීනය 2012 වසරේ දී එක්සත් ජාතීන්ගේ සාමාජික නොවන නිරීක්ෂක රාජ්‍යයක් බවට පත් වූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පූර්ණ පලස්තීන සාමාජිකත්වය සඳහා මතයක් පැමිණෙන්නේ ගාසා තීරයේ උග්‍ර වී ඇති ගැටුම් හේතුවෙන්.

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සමාගමක රැකියා දහස් ගණනක කප්පාදුවක්

ටෙල්ස්ට්‍රා (Telstra) සමාගම ප්‍රතිව්‍යුහ ගත කිරීමේ කොටසක් ලෙස එහි ශ්‍රම බලකායෙන් සියයට 9කට සමාන රැකියා 2800ක් දක්වා කපා හැරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »