මව්බිමට එන ලාංකිකයන්ට නිරෝධායන කාලය දින 07 කින් දීර්ඝ කෙරේ – AusLanka TV – Australian News for the Sri Lankan community

මව්බිමට එන ලාංකිකයන්ට නිරෝධායන කාලය දින 07 කින් දීර්ඝ කෙරේ

මව්බිමට එන ලාංකිකයන්ට නිරෝධායන කාලය දින 07 කින් දීර්ඝ කෙරේ

විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාල සීමාව වෙනස් කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින්ගේ මේ වනවිට ක්‍රියාත්මක දින 07 ක නිරෝධායන කාල සීමාව දින 14ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.

මේ වන විට ව්‍යාප්තවන කොවිඩ් ප්‍රභේදවල රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 14 ක කාලයක් ගතවන බවට වෛද්‍යවරුන් සඳහන් කර තිබීම හමුවේ මෙම තීරණය ගෙන ඇති බව ද යුද හමුදාපතිවරයා සඳහන් කලා.

ඒ සම්බන්ධයෙන් වන නිල නිවේදනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කිරීමට නියමිතයි.

COMMENTS