Day: April 24, 2021

ලංකාවට රට සල්ලි ගෙන එන ක්‍රම සරල කරයි

දේශසීමා අතර විදේශ විනිමය ගනුදෙනු සිදු කිරීමේ දී වැඩි කාර්යක්ෂමතාවයක් ළඟා කර ගැනීමත් සමග පාර්ශව කරුවන්ගේ ව්‍යාපාර කිරීමේ පහසුව තුළින් ආර්ථික කටයුතු සඳහා තවදුරටත් පහසුකම්  සැපයීමේ අරමුණින් යුතුව 2017 අංක 12 දරන  විදේශ විනිමය පනත යටතේ නිකුත් කර ඇති රෙගුලාසි තවදුරටත් සරල කිරීම සහ පැහැදිලිතාව වැඩිදියුණු කිරීම සඳහා සංශෝධනය කරන ලදී. ඉහත ඉස්මතු කර ඇති පරිදි මෙම සංශෝධිත විදේශ විනිමය ප්‍රතිපත්ති රාමුව 2021 මාර්තු 22 දින සිට වලංගු වනු ඇත. එසේ  හඳුන්වා දී ඇති ප්‍රතිපත්ති

Read More »

අප්‍රේල් 21 දා මෙල්බර්න් ගුවන් තොටුපළට ගිය පුද්ගලයන්ට දැනුම්දීමක්

පර්ත් සිට ගුවන් යානයකින් පැමිණි කොවිඩ් ආසාධිතයා වෙත නිරාවරණය වී ඇතැයි සැක කෙරෙන මෙල්බර්න් ගුවන් තොටුපළට පැමිණි පුද්ගලයන්ට වහා කොවිඩ් පරීක්ෂණයක් සිදුකර ගන්නා ලෙස දැනුම්දීමක් සිදු කෙරේ. ඒ අනුව පසුගිය 21 වනදා (බදාදා) පස්වරු 06 යි 30 ත් රාත්‍රී 07 යි 30 ත් අතර කාලයේදී මෙල්බර්න් ගුවන් තොටුපළේ ක්වන්ටාස් පර්යන්තයට (Terminal 1) පැමිණි කිසිවෙකු හෝ වෙතොත් එම සෞඛ්‍ය පියවර අනුගමනය කල යුතු වනවා. Negative ප්‍රතිපලයක් ලැබෙන තුරු ඔවුන් හුදෙකලා විය යුතුය. වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ

Read More »

මව්බිමට එන ලාංකිකයන්ට නිරෝධායන කාලය දින 07 කින් දීර්ඝ කෙරේ

විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින්ගේ නිරෝධායන කාල සීමාව වෙනස් කිරීමට තීරණය කර ඇත. ඒ අනුව විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින්ගේ මේ වනවිට ක්‍රියාත්මක දින 07 ක නිරෝධායන කාල සීමාව දින 14ක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ. මේ වන විට ව්‍යාප්තවන කොවිඩ් ප්‍රභේදවල රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 14 ක කාලයක් ගතවන බවට වෛද්‍යවරුන් සඳහන් කර තිබීම හමුවේ මෙම තීරණය ගෙන ඇති බව ද යුද හමුදාපතිවරයා සඳහන්

Read More »